මෙරට 10 වන කොවිඩ් මරණය වාර්තා වෙයි : දැනට ආසාදිත රෝගීන් 1182 යි !

මෙරට 10 වන කොවිඩ් මරණය වාර්තා වෙයි : දැනට ආසාදිත රෝගීන් 1182 යි !

මෙරට දසවන කොරෝනා වෛරස් ආසාදිත මරණය අද (25) වාර්තාවූ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව සඳහන් කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ උපුටා දක්වමින් නිකුත්කර ඇති නිවේදනයක මේ බව සඳහන් වෙයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙසේ මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය මන්කි බ්‍රිජ් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි  කාන්තාවකි. 

ඇය  කුවේට් සිට මෙරටට පැමිණි පයාගල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවක් බවත් වාර්තා වෙයි.

අදාළ කාන්තාව හෘද රෝගයෙන් පෙළුණු තැනැත්තියක් බව ද එම කාන්තාවගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ඇය කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

දැනට  ආසාදිතයින් 1182 යි !

මේ අතර මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1, 164 දක්වා ඉහළ ගොස් ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න