Language Switcher

V2025

ජන්දයක් එපා කියලා එජාපය කියන්නේ නෑ - උප නායක රවී

රටට ඡන්දයක් අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ නැහැ ඡන්දයක් තියන්න එපා කියලා. නමුත් මේ අවස්ථාවේ ඊට වඩා අපි ජනතාව ගැන සිතිය යුතුයි. අපි ජනතාව ආරක්ෂා කළ යුතුයි. ඒනිසා කොරෝනා සහමුලින්ම  නැති කරලා, ඡන්දයක් ගැන හිතුවොත් තමයි වඩාත් යහපත් වන්නේ. සෞඛ්‍ය අංශ කියන්නෙත් කොරෝනා තර්ජනය අවසන් වීමෙන් පසුව ඡන්දයකට යාම සුදුසුයි කියලයි. අනිත් අය වගේ එක්සත් ජාතික පක්ෂය උසාවි යන්නේ නැහැ ඡන්දයක් එපා කියලා. ඒ වගේම මොන යුද්ධය දිණුවත් ආර්ථික යුද්ධයෙන් පැරදුනොත් රට විනාශ වෙනවා. ඒ නිසා රට ආරක්ෂා කරගන්නනම්, කොරෝනා යුද්ධයෙන් ජය ගන්නවා වගේම, ස්ථාවර ජාතික ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි. ඒ සදහා හැකියාව එක්සත් ජාතික පක්ෂයට තිබෙනවා. කොරෝනා අවධානම යටතේ වෙනත් රටවල පුද්ගලයින් මේ රටට ගෙන්වීම සම්බන්දයෙන් අප වැඩි දුරටත් සිතා බැලිය යුතුයි. එට තුළ දින 67 ක් වැනි කාලයක් ඇදිරි නීතිය පනවලා මේ වනවිට සෑහෙන දුරට මේ රටේ පාලනය වෙලා තිබෙනවා. ඒ නිසා අපි වෙනත් රටවල සිට ජනතාව ගෙන්වනවානම් දැඩි ලෙස විමසිලිමත් වියයුතුයි. විදේශ විනිමය ලැබෙන මාර්ගයක් වුවත් ඒ පිළිබදව ලඅප සැලකිලිමත් වියයුතුමයි යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක පවසයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ, ඊයේ (25)  පෙරවරුවේ මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු සපයමිනි. 

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරය ගැන විමසූ මාධ්‍යවේදීන්ට පිළිතුරු දුන් හිටපු අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ දීර්ඝ ඉතිහාසයක් තිබෙන පක්ෂයක්. උරුමයක් තිබෙන ඒ පක්ෂය ආරක්ෂා කිරිම අපගේ යුතුකමක්. පක්ෂයේ මහ ගෙදරින් එළියට බැහැලා ගිය අය දැන් ඉන්නේ වෙනත් ස්ථානවල, වෙනත් න්‍යායන් යටතේ. එහෙමනම් දැන් ඔවුන් පිළිබදව පක්ෂයේ නාමය ගාවලා කතා කරන එක තේරුමක් නැහැ. අද පක්ෂය මුලුමනින්ම සුද්ද වෙලා තිබෙන්නේ.  මහ ගෙදර දාලා යන්න තරම් ඔවුන්ට ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ. පක්ෂයේ නායකයා ඒකාධිපති පාලකයෙක් වශයෙන් කටයුතු කළානම්, මෙහෙම දෙයක් වෙන එකක් නැහැ. හුරතල් කරන්න ගිහින් තමයි මෙහෙම දෙයක් ඇතිවුණේ. එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබාවි. අපේ පක්ෂය තුල පරිනත පුද්ගලයින් ගනනාවක් සිටිනවා. තරුණයන්ට බලට ඒමට අවස්ථාව දීම ඉතාම  වැදගත්. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ගලාගෙන යන ගගක් වගේ. ඒකෙන් කුඩා ජල පහරක් වෙනත් දිශාවකට ගලා ගියාට ඒ තරම් බලපෑමක් නැහැ. මහගෙදර අතහැරලා ගිය පිරිස ගැනත් කියන්න තිබෙන්නේ ඒ දෙයම තමයි. 

පාස්කු ප්‍රහාරය පිළබදව කරුණු දක්වමින් ....

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය සමයේ විමර්ෂණ සිදුකලත්, මේ වනවිට දැඩි ලෙස විමර්ෂණ සිදුවෙනවා. නමුත් එවකට සිටි බුද්ධි අංශයම තමයි අදත් සිටින්නේ. අපට අවශ්‍ය වන්නේත් මේ සම්බ්නධයෙන් සත්‍ය දැනගැනීමයි. සහරාන් වැනි පුද්ගලයින් 2012 වගේ සිටම ක්‍රියාතමක වෙලා තිබෙනවා යැයි පැවසීය. 

රටට විදේශාධාර ලැබීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්, මේ රටට මේ වනවිට ආධාර ලැබිලා තිබෙනවා රටවල් ගනනාවකින්. . නමුත් මුදල් ලැබීම කොහොමද කියලා දන්නේ නැහැ. දැනට මම දන්න විදියට මිලියන 323 ක් රට තුල මුදල් අච්චු ගහලා තිබෙනවා යැයි පැවසීය.