ජුනි 20 මැතිවරණයට එරෙහි පෙත්සම තවදුරටත් : ජන්ද දිනය තීන්දුවට පසුව !

ජුනි 20 මැතිවරණයට එරෙහි පෙත්සම තවදුරටත් : ජන්ද දිනය තීන්දුවට පසුව !

මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් තවදුරටත් සලකා බැලීම හෙට (28) පෙරවරු 10.00 දක්වා කල් තබා ඇත.

මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් හත්වන දිනටත් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අද (27) පෙරවරු ආරම්භ ක‍ළේය. 

පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලීම සිදුකර ඇත.

ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සදහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය හා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 8 ක් ගොනු කර ඇති අතර ඊට අදාලව අතරමැදි පෙත්සම් කිහිපයක් දගොනු කර තිබේ. 

ජන්ද දිනය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පසුව !

මේ අතර පාර්ලිමේන්තුව කැඳවීමට හා මැතිවරණය පැවැත්වීමට අදාළව දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ තීන්දු ලැබීමෙන් පසුව මැතිවරණය දිනය පිළිබඳව තීන්දුවක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙක් පැවසූ බව  අනිද්දා පුවත්පත වාර්තා කරයි.

එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ජුනි 19 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර තිබුණේ මැතිවරණය ජුනි 20 වැනිදා පැවැත්විය නොහැකි බවය.

මැතිවරණ කොමිෂන් සභාව මැයි 26 වැනිදා පමණ නැවත රැස්වීමට බලාපොරොත්තු වන නමුත්, මැතිවරණය සඳහා දින තීන්දු කිරීම හෝ එයට අදාළ අනෙකුත් තීන්දු නොගන්නා බව අප සමඟ අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සාමාජිකයා කීය.

කෙසේ වෙතත් දැනට කොවිඩ්-19 රෝගය පවතිද්දී මහමැතිවරණයක් පැවැත්වීම පිළිබඳ සෞඛ්‍යමය පසුබිම සොයා බැලීමටත්, මැතිවරණ රාජකාරී සඳහා සේවකයන් යෙදවීමත් ඇතුළු කාරණා පිළිබඳව මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධ්‍යනය කරමින් සිටින බව එම සාමාජිකයා කීය. මේ මොහොත වන විට මැතිවරණය සඳහා වැය කළ යුතු වියදම ඇතුළු කාරණා බොහොමයක් පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති බව ඔහු කී අතර පෙර කී අධ්‍යන කටයුතු අවසාන වීමෙන් පසු අදහසක් ලබාගත හැකි බව පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න