ජුනි 20 ජන්ද පෙත්සම 9 වන දිනටත් ඇසෙයි : ජන්ද පත්‍රිකා මුද්‍රණයටත් සූදානම් කරවයි !

ජුනි 20 ජන්ද පෙත්සම 9 වන දිනටත් ඇසෙයි : ජන්ද පත්‍රිකා මුද්‍රණයටත් සූදානම් කරවයි !

මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් තවදුරටත් සලකා බැලීම අද (29)  09 වන දිනටත් අරම්භ කර ඇත.

ඊයේ (28) දිනයේදී අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරු 05 දෙනෙක් අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.

මේ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සූදානම් වන්නැයි, මැතිවරණ කොමිසම රජයේ මුද්‍රණාලයට දන්වා ඇති බව වාර්තා වෙයි.

රජයේ මුද්‍රණාලාධිපතිනිය උපුටා දක්වමින් මාධ්‍ය සඳහන් කරන්නේ නාම යොජනා භාර දීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම විසින් අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුද්‍රණයට රජයේ මුද්‍රණාලයට භාර දෙන බවයි.

කෙසේ වෙතත් ඇති වූ වසංගත තත්ත්වයත් සමග එය සිදු නොකෙරුනු බව ඇය සඳහන් කර ඇති අතර මැතිවරණය සම්බන්ධයෙන් පවතින තත්ත්වයන් නිරාකරණය වූ වහාම ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද පවසා ඇත.

මෙවර මහ මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මිලියන 17 ක් පමණ මුද්‍රණයට කිරීමට නියමිතය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න