සජිත්ගේ නියෝජ්‍ය නායක ධුරයත් ගලවයි : SJB ගිය 99ක් එජාපයෙන් ඉවතට !

සජිත්ගේ නියෝජ්‍ය නායක ධුරයත් ගලවයි : SJB ගිය 99ක් එජාපයෙන් ඉවතට !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග එක්ව නාමයෝජනා අස්සන් කළ සාමාජිකයන් 99 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (29) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇත.

වාර්තා වන ආකාරයට එම යෝජනාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කර ඇති අතර කෘත්‍යාධිකාරි මණ්ඩලය එය අනුමත කර තිබේ.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉවත් කිරීමටත් පියවර ගෙන ඇති බවත් වාර්තා වෙයි.

මීට අමතරව එජාපය නියෝජනය කරන සියලුම නාගරික සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ට ඉදිරි මහමැතිවරණයේදී එජාපය ජයග්‍රහණය කරවීම සදහා වැඩ කටයුතු කරන ලෙස දැනුම් දීමටත්, එම සෑම නියෝජිතයකුගේම නිවෙසේ එජාප කාර්යාලයක් විවෘත කරන ලෙස දැනුම් දීමටත් තීරණය වී ඇත.

එසේ පක්ෂ කාර්යාලයක් සිය නිවෙසේ විවෘත නොකරන නාගරික සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමටත් අද පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීන්දු වී තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න