රෙස්පට් ස : සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම බලධාරියාට තොණ්ඩමන් පවුලෙන් තගක් !

රෙස්පට් ස :  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම බලධාරියාට තොණ්ඩමන් පවුලෙන් තගක් !

කොවිඩ් 19 වසංගතයට එරෙහිව ක්‍රියාත්මක ඉහළම සෞඛ්‍ය බලධාරියා වන  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් ගේ අති සමීපතම අයෙකු  දුරකථනයෙන් අමතා බලපෑම් එල්ල කොට ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

සියලු සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කරමින් හිටපු අමාත්‍යවරයාගේ මරණය සිදුවූ දින සිටම එම පිරිස වගකීම් විරහිතව ක්‍රියා කරන බවත් එවැනි ක්‍රියාවන්ට එරෙහිව රටපුරාම සමස්ත ජනතාව පෙල ගැසිය යුතු බවද ඔවුන් සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

මිලඟ කොරෝනා රැල්ලට මෙය හේතුවක් විය හැකි බවද බෝවන රෝග පිලිබඳව අධ්‍යයනය කරන, රාජකාරි ඉටුකරන නිසි නිලධාරින් කණ්ඩායමක් ලෙස තමන් අනතුරු අඟවා සිටින බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.

මෙවැනි වැරදි ආදර්ශයන් හේතුවෙන් රටේ මහජනතාවද කොව්ඩ් නිවාරණය සම්බන්ධයෙන් තිබෙන කැපවීම අවම වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියි.

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ අවමඟුල් කටුයුතුවලට සහභාගි වූ කිසිවෙකුට හෝ කොවිඞ් 19 ආසාදනය වී නව රෝගීන් පොකුරක් මතුවුවහොත් නිරෝධායන පනතේ රෙගුලාසිවලට පටහැනිව යමින් කටයුතු කිරීම පිළිබදව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් නඩු පවරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අනතුරු අඟවයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

IMG 20200531 221827

IMG 20200531 221848

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න