නාමල් ඇමරිකාවෙන් ගේම ඉල්ලයි !

නාමල් ඇමරිකාවෙන් ගේම ඉල්ලයි !

ඇමෙරිකානු තානාපති කාර්‍යාලයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු ගුවන් තොටුපොළේදී කෝවිඩ් 19 PCR  පරීක්ෂාවට විරුද්ධ වී,එම පරීක්ෂාව සිදු නොකොට පිටව යාම කණගාටුවට කරුණක් බවත්, රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලට අදාලව වියනා සම්මුතිය තිබුණා හෝ නැතා හෝ මේ මොහොතේ ශ්‍රී ලංකාවේ දේශීය නීති රාමුවට ගරු කළ යුතු බවත් අවධාරණය කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ පුත් නාමල් රාජපක්ෂ ඊයේ (4) ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

නාමල් රාජපක්ෂ විසින් නිකුත්කරන ලද ඉහත සදහන් කළ එම 'ට්විටර්' පණිවුඩය මේ වන විට රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර බරපතල ලෙස කතා බහට ලක් වෙමින් පවතින බව වාර්තාවේ.

Namal twite

කෙසේවුවද 'ද මෝනිං' පුවත් පතේ ප්‍රධාන සිරස්තලයෙන් පෙන්වා දෙන්නේ, මෙකී ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයා පැය 4 ක් පමණ ගුවන් තොටුපොළේ රදවා තබා ගෙන ඇති බවත්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහගේ උපදෙස් පරිදි මුදා හැර ඇති බවත්‍ ය.

විදේශ අමාත්‍යාංශය සමඟ පැවැත්වූ සමීප සම්බන්ධීකරණයෙන් අනතුරුව:

Nancy Van Hornමෙම සිද්ධිය පිලිබඳව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාෂිකා නැන්සි වැන් හෝර්න් ගෙන් 'අද දෙරණ' කළ විමසීමක දී ඇය සඳහන් කළේ, එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවට පැමිණීයේ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ පැවැත්වූ සමීප සම්බන්ධීකරණයෙන් අනතුරුව නිරෝධායන සීමා කිරීම් සහ කොවිඩ් නයින්ටීන් මාර්ගෝපදේශ පිලිබඳව දැනුවත්ව බවයි.

එමෙන්ම එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය මෙම සංචාරය සිදුකරන්නේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ දක්වා ඇති ප්‍රමිතීන් හා ක්‍රියා පටිපාටිවලටද අනුකූලව බව ඇය පැවසුවාය.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ අනුව අදාල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීයා කටයුතු කර ඇති බව ඇයට විශ්වාසයෙන් තහවුරු කල හැකි බවද අවධාරණය කළාය.

විදේශයක සිට ශ්‍රී ලංකාවට පැමිණෙන කිසියම් පුද්ගලයෙකු පී සී ආර් පරීක්ෂණය ප්‍රතික්ෂේප කළහොත් එවැන්නන් යලි පැමිණි රටටම හරවා යැවීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාල බලධාරීන්ට ඊයේ (ජුනි 04) නියෝගකර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න