කොරෝනා මර්දනයට ලැබුණු මුල්‍යාධාරවලට වෙච්චදේ කියන්නේ ඡන්දෙන් පස්සේ ලු! -

කොරෝනා මර්දනයට ලැබුණු මුල්‍යාධාරවලට වෙච්චදේ කියන්නේ ඡන්දෙන් පස්සේ ලු! -

කොරෝනා මර්දනයට ලැබුණු සියලූ ආධාර මුදල් පිළිබඳ තොරතුරු, ඉදිරියේදී නව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වත්මන් රජය සූදානම් බව රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

ඔහු එබව කියා සිටියේ, කොරෝනා මර්දනය කිරීම සඳහා ලෝක බැංකු මෙරටට ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 230ක මුදල වැය කරේ කුමකට ද යන්න රජය වහා හෙළි කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (07) සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ෂෙහාන් සේමසිංහ කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නේ නම් යහපාලන ආණ්ඩුව සමයේ ණය සඟවා ඇති බවට අනාවරණය වෙන කාරණාවට ප්‍රථමයෙන් පිළිතුරු දිය යුතුව ඇති බවයි.

'සිරිකොත' එජාප මූලස්ථානයේ ඊයේ පැවති රැස්වීමක දී රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ, සංඛ්‍යා ලේඛන සහ තොරතුරු වසන් කරමින් රජය තම දුර්වල බව වසා ගැනීමට සැරසෙන බවයි.  "කොරෝනා සම්බන්ධයෙන් රජය වගකීම් විරහිත ලෙස කටයුතු කළා'  යයි ද ඔහු බාරකාර ආණ්ඩුවට චෝදනා කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න