කොවිඩ් නිවාඩුවට පසු පාසල් ආරම්භය අදියර 04කින්

කොවිඩ් නිවාඩුවට පසු පාසල් ආරම්භය අදියර 04කින්

පාසල් නිවාඩු කාලය ජුනි 29 වෙනිදායින් අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

අදියර 4 ක් යටතේ පාසල් ආරම්භ කරන බව මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

ජුනි 29 වනදායින් ඇරඹෙන පළමු අදියර යටතේ විදුහපතිවරුන්, ගුරුවරුන්, අනධ්‍යන කාර්ය මණ්ඩල සහ පාසල් කළමනාකරණ මණ්ඩල පාසල් වෙත වාර්තා කළ යුතු ය.

සිසු සිසුවියන් සඳහා පාසල් ආරම්භ වන්නේ, පහත පරිදි ය.

දෙවන අදියර ජූලි 6 සිට…

13, 11, 5 ශ්‍රේණිවල සිසු සිසුවියන් සඳහා

තෙවන අදියර ජූලි 20 සිට…

12 සහ 10 ශ්‍රේණිවල සිසු සිසුවියන් සඳහා

සිව්වන අදියර ජූලි 27 සිට…

3,4,6,7,8 සහ 9 ශ්‍රේණිවල සිසු සිසුවියන් සඳහා

කෙසේ වෙතත් ප්‍රාථමික වසරවල දරුවන් පාසලට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයකට එළැඹ නොමැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න