ආර්ථිකයේ සැබෑ තත්ත්වය ජනතාවට සඟවලා : බදු පිට බදු ගහලා - මහේෂ් ( වීඩියෝ )

ආර්ථිකයේ සැබෑ තත්ත්වය ජනතාවට සඟවලා : බදු පිට බදු ගහලා - මහේෂ් ( වීඩියෝ )

මේ වන විට මෙරට සියළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සීග්‍ර ඉහළයාමක් ඇති බවත් ආණ්ඩුව එම තත්ත්වය පාලනය කිරීමට අසමත්වී ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක, මාධ්‍යවේදී  මහේෂ් සේනානායක අවධාරණය කරයි.

ඉහළ යන භාණ්ඩ මිල පාලනය කිරීමට ආණ්ඩුව අසමත්වීම තුළ බහුතරයක් පුරවැසියන් ප්‍රශ්න රැසකට මුහුණදී සිටින බවත් ඔහු පවසයි.
 
එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක , මාධ්‍යවේදී මහේෂ් සේනානායක මේ බව සඳහන් කර සිටියේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත්කරමින්ය.
 
" එක පැත්තකින්  බඩු මිල ඉහළ යනකොට  ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල ලෝක වෙළඳ පොළේ මිල මට්ටම පහළ ගිහින් තිබෙනවා. හැබැයි අපේ රටේ ඉන්ධන මිල පහල යන්නේ නෑ.මේ කරුණු සම්බන්ධව රජය සද්භාවයෙන් කටයුතු කරනවා නම් ජනතාවට ඊට හේතුව පැහැදිලි කළ යුතු වෙනවා. උදාහරණයක් ලෙස රජය ජනතාවට වසන් කරලා ආනයනික බදු සියල්ල වැඩි කරලා තියනවා, ඒ තුළ භාණ්ඩ  මිල ඉහළ යෑම පුදුම වෙන්න කාරණයකුත් නෙමෙයි."
 
"අපි රජයට බල කිරීමක් කරනවා මේ ආර්ථික කාරණා පිළිබඳ ජනතාවට දැනුවත් කිරීමක් කරන්න කියලා. අනෙක් අතට මෙවැනි දුෂ්කර කාල පරිච්ජේද වල ණය , ආධාර , ප්‍රදාන ගැනීම  කෙරෙහි පවතින රජය බලාපොරොත්තුවීම වැරැද්දක් නෙවෙයි. හැබැයි වැරැද්ද සිදු වෙන්නේ ණය ලබා ගැනීමේදී කුමන රටින්, කුමන ආයතනයෙන් , කොපමණ  පොලී අනුපාතයක් යටතේ මේ ණය ගැනීම සිදුකරනවාද යන්න. ඒ වගේම ආධාර ප්‍රදාන  ලබා ගැනීමේදී කුමන කොන්දේසි වලට යටත්ව මේවා ලබාගන්නවාද යන්න. අපි ආණ්ඩුවට අභියෝග කරනවා මේ කරුණු ගැන ජනතාවට හෙළි කරන්න කියලා" යනුවෙන් ඔහු පවසයි.
 
ඊළඟ මාස 3-6 ජනතාවට මුහුණ දීමට සිදුවන දුෂ්කරතාවට තවත් පොහොර දාන වැඩ කරන්න එපා යනුවෙන් ද ඔහු ආණ්ඩුවට අවධාරණය කර සිටී.
 
එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික්ක අපේක්ෂක , මාධ්‍යවේදී මහේෂ් සේනානායක සමාජ මාධ්‍ය වෙත යොමුකළ වීඩියෝව පහත දැක්වෙයි. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න