සාමකාමි විරෝධතාව අවහිර කරන්න අපි ඉල්ලුවේ නෑ : ඇමරිකානු තානාපති කාර්‍යාලය !

සාමකාමි විරෝධතාව අවහිර කරන්න අපි ඉල්ලුවේ නෑ : ඇමරිකානු තානාපති කාර්‍යාලය !

සාමකාමී ලෙස විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සහ සියලුදෙනාට ඇති අයිතියට එක්සත් ජනපදය සහයෝගය දක්වන බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සාමකාමී ලෙස විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සහ සියලුදෙනාට ඇති අයිතිය ඇමෙරිකා එක්සත් ජනපදයේ බෙදාහදාගත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායට අනුකූල යැයි ද එම තානාපති කාර්යාලය කියයි.

ඇමෙරිකා එක්සත් ජනපදය තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.

‘‘අද දිනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපට පවත්වන්නට නියම කරගෙන තිබූ පෙළපාළියක් අවහිර කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කළ බව අපි දන්නෙමු. එම පෙළපාළිය අවහිර කරන මෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර නොමැත. සෑමවිටකම මෙන් රටේ සිටින තානාපති ආයතන දරන වෑයම් සහ මුහුණු ආවරණ පැළඳීමට නියම කිරීම, මහජන රැස්වීම්වල විශාලත්වය සීමා කිරීම සහ අනෙකුත් ක්‍රියාමාර්ග හරහා කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය සඳහා ඔවුන් විසින් දරනු ලබන අඛණ්ඩ වෑයම් අපි අගය කරන්නෙමු.

 අත්අඩංගුවට පත්වූවන්ට ඇප !
මේ අතර අධිකරණ නියෝග සහ නිරෝධායන නීති කඩ කකල බව පවසමින්  කොල්ලුපිටියේ දී අත්අඩංගුවට ගනුලැබූ  පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ පිරිස ඇප මත මුදා හැර තිබේ.
 
ඒ එම පිරිස ඊයේ  (09) පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් හා ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු සාමාජිකයන් පිරිස අත්අඩංගුවට ගැනුණේ කොල්ලුපිටිය පොලිසිය විසින් අතර එහිදී පොලිසිය හැසිරුණු ආකාරය නින්දිතය.

එසේම විරෝධය දැක්වීමේ අයිතිය වාරණය වීම සම්බන්ධ ව අනාගතය සිදුවීමට නියමිත දෙයක නිමිත්තක් ලෙස ද පොලිසියේ නින්දිත හැසිරීම දැක්විය  හැකිය.

 මීට දෙසතියකට පෙර පොලිස් නිලධාරියෙකුගේ වදහිංසාවලට ලක්වී මරණයට පත්වූ අමෙරිකානු කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනන හෙළා දකිමින් සහ ජාතිවාදය ට එරෙහිව මේ උද්ඝෝෂණය පැවැත්විණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න