Language Switcher

V2025

මේ ආණ්ඩුව බදුවලට තෙල් ගහලද? තෙල්වලට බදු ගහලද?

“මේ වෙලාවේ, කොරෝනා වසංගතය මර්දනය කරන්න ආණ්ඩුව කටයුතු කරන වෙලාවේ වෙන උත්තර නැහැ. ඒ නිසා අපි මේකට මුහුණ දෙන්න ඕනෑ කියලා කල්පනා කරන අයත් ඉන්නවා. නමුත් ඇත්ත තත්වය ඒක නෙවෙයි. කොරෝනා නිසාම මාස 3ක් පුරා ආණ්ඩුවේ පරිපාලන වියදම් අඩුවෙලා තියෙනවා. වාහන වියදම්, විදුලි වියදම්, නඩත්තු වියදම්, පරිපාලන වියදම් අඩුවෙලා. විශේෂ ව්‍යාපෘති මේ කාලය තුළ සිද්ධ වුණේ නැහැ. මේ නිසා වෙනදා ගිය වියදම්වලින් විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි වෙනවා. ඒක ලෝකෙත් එහෙමයි. අපේ රටෙත් එහෙමයි. සමස්තයක් හැටියට ආර්ථිකය හැකිළෙනවා. ඒ නිසාම රජයේ වියදම් අඩුවීමේ ඉතිරියක් තිබෙනවා. මේ ඉතිරිවුණු සල්ලි මොනවාටද යෙදෙව්වේ කියන ප්‍රශ්නය තියෙනවා. කොවිඩ්-19 අරමුදලක් පිහිටුවලා ඒකට ආධාර ලබාගන්නවා. ඒ ආධාර මුදල්වලින් මොනවාද කරන්නේ? ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට නොදී රු කෝටි 20,000ක අරමුදලක් ආණ්ඩුව පිහිටෙව්වා. මැයි 20වැනිදා වෙනකොට ලංකාවට තෙල් ගොඩබානකොට සාමාන්‍ය මිල පෙට්‍රල් ලීටරයක් රු. 41.79යි. ඩීසල් ලීටරයක් ගොඩබාන මිල රු. 44.37යි. ඔක්ටේන් 95 රු. 45යි. වරායට රු. 41.79කට එන පෙට්‍රල් ලීටරයකට රු. 105.58ක් බදු ගහනවා. මේ ආණ්ඩුව කරල තියෙන්නේ තෙල්වලට බදු ගහන එක නෙවෙයි, බදුවලට තෙල් ගහන එකයි. සුපිරි වාහන ගෙන්වනකොට 300%ක බදු ගහනවා වගේ රු. 41.79 තෙල් ලීටරයට රු. 105ක් බදු ගහලා.” යැයි ජනතා විමුක්ති පරෙමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති  පවසයි.

ඔහු මේ බව පැවසූවේ පසුගියදා  පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් මෙසේද පැවසීය.

ආණ්ඩුව ජනතාවට බඩේ පහර ගහපු මොහොත !

“කොවිඩ්-19 වසංගතයත් එක්ක රටේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ආර්ථික කටයුතු නතර වී රාජ්‍ය යාන්ත්‍රණයත් නතර වුණා. යම් ප්‍රමාණයකට දැන් පරිපාලනය සහ ජනජීවිතය යථා තත්වයට පත් වුණත් ජනතාවගේ ආදායම් මට්ටම යථා තත්වයට පත්වෙලා නැහැ. මෙය යථා තත්වයට පත්වෙන්න නම් ආර්ථික කළමනාකරණය, ව්‍යාපාර, පරිපාලනය, යන සියල්ල යථා තත්වයට පත්වෙන්න ඕනෑ. නමුත් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ, මේසන් බාස්වරු, වඩු බාස්වරු, ටයිල් වැඩ කළ අය වගේ විවිධ ක්‍ෂේත්‍රවල රැකියා අහිමි වෙලා. ස්වර්ණාභරණ කර්මාන්තය යථා තත්වයට පත්වෙලා නැහැ. පෙරපාසැල් ගුරුවරියන්ගේ ආදායම් අහිමි වෙලා. නගරයේ කාමර කුලියට දීලා ආදායම් හොයාගත්ත අයගේ ආදායම් අහිමි වෙලා. පාසල් අධ්‍යාපනය යම් සීමිත පිරිසකට පහසුකමක් වුණත් බහුතර පිරිසකට ඒ අවස්ථාව ගිලිහිලා. අන්තර්ජාල පහසුකම් ලබාගන්න මුදල් ගෙවන්න බැරි මාපියන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වෙලා. මේ ආදී වශයෙන් ජන ජීවිතය එදිනෙදා ආදායම් අතට ඇවිල්ලා වියදම් කිරීමේ සාමාන්‍ය තත්වයට පත්වෙලා නැහැ.

මේ වගේ තිබියදී ආණ්ඩුව අත්තනෝමතික විදිහට ජනතාවට බඩේ පහර ගහන්න අත්‍යාවශ්‍ය ආහාර ඇතුළු භාණ්ඩවල බදුමිල වැඩි කරලා. ලෝක වෙළඳපොළේ තෙල්මිල අඩුවීමේ සහනාධාරය සැමන් පරිප්පුවලින් දෙනවා කී ආණ්ඩුව ඒ ද්‍රව්‍යවලටත් එක්කම විශේෂ වෙළඳභාණ්ඩ බද්ද පැනෙව්වා. ලංකාවේ කෘෂිකර්මාන්තය සහ දේශීය කර්මාන්තවලට ආනයනික භාණ්ඩවලින් යම් තර්ජනයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් විශේෂ වෙළඳභාණ්ඩ බද්ද ක්‍රියාත්මක කරනවා. දේශීය අල අස්වැන්න නෙළන කාලයට ආනයනික අල අධෛර්යමත් කරන්න, ඒ වගේම ළුෑණු ගලවන කාලයකට විශේෂිත භාණ්ඩ බද්ද පැනවීම උදාහරණක්. හැබැයි ආණ්ඩුව දැන් කරලා තියෙන්නේ අල ළුෑණූ පරිප්පු, සුදුළුණු, හාල් මැස්සන්, කරවල, පොල් තෙල් සීනි වගේ හැම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රවය්‍යකටම බද්ද ගහන එක. ආණ්ඩුව මේ වෙනුවෙන් යොදා ගත්තේ වෙන උපක්‍රමයක්. රජයේ සේවකයින්ගේ පඩි කපන්න කියලා පී.බී. ජයසුන්දර මහත්තයා ගහපු චක්‍රලේඛවලට විරුද්ධ වෙනකොට රටේ සමස්ත ජනතාවටම බලපාන විශේෂ භාණ්ඩ බද්ද ගහලා හැමෝම මත බදු බර පැටෙව්වා, මේක පී.බී. සූත්‍රය. මිනිස්සු වැඩියෙන්ම පරිහරණය කරන භාණ්ඩවලට බදු ගහන එක තමයි පී.බී. සූත්‍රය. ළුෑණු කිලෝ එකකට රු. 50 ගානේ බද්දක් ගැහුවාම රටේ ඉන්න පවුල් ලක්‍ෂ 60ම එක ලූණු කිලෝ එක ගානේ ගෙනිච්චත් ලක්‍ෂ 3,000ක ආදායමක් ලැබෙනවා. අනෙක් සියලුම භාණ්ඩවල තත්වය මේකමයි. ආණ්ඩුව එදා වේල දුවාගන්න ජනතාවගේ එදා වේලෙන් උදුර ගන්නවා. මේ නිසා කඩේ ප්ලේන්ටිය පවා රු. 25ට නගින්න පටන්ගෙන තිබෙනවා. විශේෂ වෙළඳභාණ්ඩ බද්ද දුප්පත් ගමේ මිනිහාට වදින්නේ මෙහෙම. ඉස්සරහට යන්න ආණ්ඩුවට සැලැස්මක් නැති නිසා දෛනිකව කන බොන දේට බදු ගහලා ආදායම් උපයනවා. ආණ්ඩුවෙන් දී තිබෙන මේ දඬුවමට පොහොට්ටුවට ඡන්දය දුන් මනුස්සයාටත් මේ දඩය කන්න වෙලා තියෙනවා.

මේ වෙලාවේ, කොරෝනා වසංගතය මර්දනය කරන්න ආණ්ඩුව කටයුතු කරන වෙලාවේ වෙන උත්තර නැහැ. ඒ නිසා අපි මේකට මුහුණ දෙන්න ඕනෑ කියලා කල්පනා කරන අයත් ඉන්නවා. නමුත් ඇත්ත තත්වය ඒක නෙවෙයි. කොරෝනා නිසාම මාස 3ක් පුරා ආණ්ඩුවේ පරිපාලන වියදම් අඩුවෙලා තියෙනවා. වාහන වියදම්, විදුලි වියදම්, නඩත්තු වියදම්, පරිපාලන වියදම් අඩුවෙලා. විශේෂ ව්‍යාපෘති මේ කාලය තුළ සිද්ධ වුණේ නැහැ. මේ නිසා වෙනදා ගිය වියදම්වලින් විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි වෙනවා. ඒක ලෝකෙත් එහෙමයි. අපේ රටෙත් එහෙමයි. සමස්තයක් හැටියට ආර්ථිකය හැකිළෙනවා. ඒ නිසාම රජයේ වියදම් අඩුවීමේ ඉතිරියක් තිබෙනවා. මේ ඉතිරිවුණු සල්ලි මොනවාටද යෙදෙව්වේ කියන ප්‍රශ්නය තියෙනවා. කොවිඩ්-19 අරමුදලක් පිහිටුවලා ඒකට ආධාර ලබාගන්නවා. ඒ ආධාර මුදල්වලින් මොනවාද කරන්නේ? ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට නොදී රු කෝටි 20,000ක අරමුදලක් ආණ්ඩුව පිහිටෙව්වා.

තෙල් මිල ගැන ආණ්ඩුවේ ප්‍රෝඩාව !

මැයි 20වැනිදා වෙනකොට ලංකාවට තෙල් ගොඩබානකොට සාමාන්‍ය මිල පෙට්‍රල් ලීටරයක් රු. 41.79යි. ඩීසල් ලීටරයක් ගොඩබාන මිල රු. 44.37යි. ඔක්ටේන් 95 රු. 45යි. වරායට රු. 41.79කට එන පෙට්‍රල් ලීටරයකට රු. 105.58ක් බදු ගහනවා. මේ ආණ්ඩුව කරල තියෙන්නේ තෙල්වලට බදු ගහන එක නෙවෙයි, බදුවලට තෙල් ගහන එකයි. සුපිරි වාහන ගෙන්වනකොට 300%ක බදු ගහනවා වගේ රු. 41.79 තෙල් ලීටරයට රු. 105ක් බදු ගහලා.

මේ බද්ද එකතුවෙලා තියෙන්නේ රේගු ගාස්තු රු. 50යි, එක්සයිස් ඩියුටි රු. 27යි. වරාය හා ගුවන්තොටුපොළ ගාස්තුව රු. 7.5%යි. සී.අයි.එෆ්. තක්සේරු ගාස්තුව රු. 2.58%යි. ඊට අමතරව රු. 26ක අධිබාරයක් ගහල තියෙනවා. ලෝක වෙළඳපොළේ තෙල් අඩුවෙද්දී රු. 26ක අධිබාර බද්ද ගැහුවේ මාර්තු මාසේ 14වැනිදා ඉඳලා බල පැවැත්වෙන පරිදි මහින්ද රාජපක්‍ෂ මහත්තයා. මේ බදු ඔක්කොම එකතු කළාම රු. 162ක් පෙට්‍රල් ලීටරයකට නියම වෙනවා. ඒ මිල රු. 137 දක්වා අඩු කළා කියලා පෙන්වනවා. හැබැයි රු. 137ට දෙන්නේ රු. 41ට වරායෙන් ගොඩබාන තෙල් ලීටරයක් බව ජතතාවට හංගනවා. මේක යුක්තිසහගතද? සාධාරණද? තෙල් ලීටරයකට 100%ක බද්දක් ගැහුවත් සාධාරණ නැහැ. එහෙම තියෙද්දී 300%ක බද්දදක් ගහලා. කවුරුවත් තෙල් ලංකාවට ගොඩබාන්නේ රු. 41ට කියලා ප්‍රවෘත්තිවලින් පෙන්වන්නේ නැහැ. අපි ආණ්ඩුවෙන් අහන්නේ මෙහෙම ගන්න සල්ලිවලට මොකද වෙන්නේ කියලා? ජන ජීවිතය හොඳට ගතකරන සාමාන්‍ය තත්වයක් යටතේ දරාගන්න පුළුවන් ආර්ථිකයක් ඇතුළේ නම් සාධාරණ තර්කයක් කාට හරි ගොඩනගන්න පුළුවන්. නමුත් දැන් එහෙම නෙවෙයි. ජනතාවගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම වැටිලා තියෙන වෙලාවක්.

ඒ වගේම තෙල් සංස්ථාවට අයත් පිරිපහදුවේ පාඩුව රු. මිලියන 5,100ක් බව හෙළිවෙලා තියෙනවා. මේ වෙලාවේ ජනතාව මත තෙල් මිල වැඩිවීමට අමතරව පිරිපහදුවේ පාඩුවේ බරත් පටවලා තියෙනවා. ජනතාවට මේ සියලු බර පැටවී තියෙන්නේ ආණ්ඩුවේ නාස්තිකාර වියදම් පාලනය නොකරන නිසා. ආණ්ඩුව කියන්නේ තෙල් පරිහරණය අඩුවීම නිසා ආදායම් අඩුවී තිබෙන බවයි. නමුත් ඒක ඇත්ත නෙවෙයි. තෙල් පරිභෝජනය අඩුවීමෙන් ආණ්ඩුවේ ආදායම් අඩුවීමටත් වඩා වැඩි බදු ප්‍රමාණයකින් ආදායම් ඉහළ දාගෙන තිබෙනවා. පෙට්‍රල්, ඩීසල් සෘජුවම බලපාන්නේ ඉන්ධන පාරිභෝගිකයන්ට වුණත් වක්‍රව මුළු රටේම ප්‍රවාහන පද්ධතියට අදාළව ජීවන වියදම ඉහළ යන්න බලපානවා. පහුගිය දවස්වල රු. 90ක සහතික මිලක් හාල්වලට නියම කළා. හැබැයි ඒ ආණ්ඩුවම රු. 98 දක්වා වැඩිකළා. හාල් මෝල්වල අයිතිකාරයෝ ඉස්සරහ ආණ්ඩුව දණ ගහලා මිල වැඩිකිරීම කළා. හාල් මාෆියාම ආණ්ඩුවේ බෙල්ල මිරිකන කොට, ආණ්ඩුව එදා වේල ගත කරන්න ජනතාවගේ බෙල්ල මිරිකනවා. තෙල් මාෆියාවෙන් කරන්නෙත් ඒක. මේ තත්වයෙන් ගැලවෙන්න ඕනෑ. හැම දේම කොරෝනා පිට තියලා නිහඬව දරා ගන්න කියලා ආණ්ඩුව එල්ල කරමින් තිබෙන පීඩනය කවුරු දරාගන්න ලැහැස්ති වුණත් අපි ඒකට ලැහැස්ති නැහැ. හේතුව ඇත්තටම ජනතාවට සහනයක් දෙන්න පුළුවන් වෙලාවක් මේක. ජනතාවට සහනයක් අවශ්‍ය වෙලාවක් මේක. ජනතාවට අත්‍යවශ්‍ය ආහාර පාන පවා ලබාගන්න අසීරුවෙන් ඉන්න වෙලාවක ප්ලේන්ටියක් රු. 25කට බොන්න සිද්ධ වෙලා නම් අපි ආණ්ඩුවට බල කරනවා තෙල්වල බද්දෙන් ආණ්ඩුව උපයන ආදායම් ජනතාවට දිය යුතුයි කියලා. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වගේ පීඩාකාරි බදු ඉවත් කරලා ජනතාවට සහන ලබාදිය යුතුයි. අපි ජනතාවත් එක්ක ඒ සඳහා හඬ නැගීම් කරනවා.

ජනාධිපති බලය භාවිතයේ ප්‍රශ්නයක් !

තවත් වැදගත් කාරණයක් මතක් කරන්න තියෙනවා. පුරවැසියෝ හැටියට අපි කවුරුත් මොන විවේචන තිබුණත් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්. මේ ව්‍යවස්ථාවේ විවිධ වගන්ති යොදාගෙන ආණ්ඩුව ගේම් ගහන්න පටන්ගෙන තිබෙනවා. ආණ්ඩුවකට එහෙම ගේම් ගහන්න බැහැ. පහුගිය මැයි මාසේ 31වැනිදා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අයවැය චක්‍රලේඛ III/2020 ඉදිරිපත් කර තිබෙනවා. 2020ට අයවැය ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ සම්මත කරලා නැහැ. හැබැයි අයවැය චක්‍රලේඛයක් කියලා බිලියන 1,023ක් ඒකාබද්ධ අරමුදලින් ජුනි 01 ඉඳලා අගෝස්තු 31 දක්වා අමාත්‍යාංශවලට මුදල් වෙන් කිරීමේ ක්‍රමවේදයක් හදාගෙන තිබෙනවා. පාර්ලිමේන්තුව රැස් නොකර මාස 3කට ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය ආයෙත් සැරයක් යොදාගෙන තිබෙනවා. මේ සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් බලය ලබාදී තිබෙන බව චක්‍රලේඛයේ සඳහන් වෙනවා. ජනාධිපතිතුමාට මෙහෙය බලයක් ලබාදෙන්න බැහැ. 150(3) වගන්තියේ ඉතා පැහැදිලිව තිබෙන්නේ අයවැය ඉදිරිපත් කරලා නැති වෙලාවක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක රජයේ සේවාවන් සඳහා පාර්ලිමේන්තුවෙන් මුදල් වෙන්කර නැති තත්වයක් තුළ “අභිනව පාර්ලිමේන්තුව රැස්වන දින සිට” මාස 3ක් සඳහා මුදල් වෙන්කර ගැනීමේ හැකියාව ජනාධිපතිවරයාට ලබාදී තිබෙන බවයි. හැබැයි මේ වෙලාවේදී අභිනව පාර්ලිමේන්තුව රැස්වීමේ තත්වයක් නැහැ. මේ ගොල්ලෝ ජූනි 01වැනිදා ඉඳලා අගෝස්තු 31 දක්වා රු. බිලියන 1,023ක් වෙන්කරගන්න අයවැය චක්‍රලේඛයක් විදිහට වෙන්කර ගැනීම කරලා තියෙන්නේ අභිනව පාර්ලිමේන්තුව රැස්වීමේ තත්වයක් තුළද කියන ප්‍රශ්නය අපිට අහන්න වෙනවා. මෙහෙම දේකට කවුද බලය දීලා තිබෙන්නේ?

මේ චක්‍රලේඛයේ එක වගන්තියකිනුත් එහෙම බලයක් නැති බව ඔප්පු වෙනවා. පස්වැනි වගන්තියෙන් කියවෙන්නේ “මෙම කාලය තුළ ගෙවීම් වවුචර්වල සහ ලියකියවිලිවල අදාල අධිකාරිය ලෙස සඳහන් කල යුතු වන්නේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) අනු ව්‍යවස්ථාව යටතේ වන අධිකාරිය යන්නයි”. මේ අනුමත කළ මුදල්වලින් ගෙවනකොට ඒ වවුචර්වල සහ අනෙකුත් ලියකියවිලිවල මේ විදිහයට සඳහන් කිරීමෙන් කියවෙන්නේ ජනාධිපතිවරයාගේ නියමය අනුව ගෙවීම් කළ බවයි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල මහත්තයා චක්‍රලේඛය නිකුත් කරලා තියෙන්නේ අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තුවල ගෙවීම් ප්‍රධානියා ජනාධිපතිවරයා නෙවෙයි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් බව එතුමා දන්නවා. අමාත්‍යාංශ ලේකම් වෙනුවට අර ඡේදය සඳහන් කරලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා නිදහස් වීමේ උත්සාහයක යෙදී ඉන්නවා. ජනාධිපතිතුමා පිට තියලා බේරෙන්න උත්සාහයක් මේ කර තියෙන්නේ. 19වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව අමාත්‍යාංශවල ගෙවීම් සම්බන්ධ බලය ජනාධිපතිවරයාට නැහැ. මේ නිසා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මේ ගෙවීම් සම්බන්ධ වගකීම ජනාධිපතිවරයා පිට තියලා මේක බරපතල වරදක්. ජනාධිපතිවරයාත් අමාරුවේ දාන වැඩක්. ජනාධිපතිතුමාට මේ උපදෙස් දෙන්නේ කවුද කියලා අපිට හිතාගන්න බැහැ. ව්‍යවස්ථාව උල්ලංඝනය කර වැඩ කිරීම ඉතා බරපතළ දෙයක්. 150(3) වගන්තිය පාවිච්චි කරලා මෙවැනි අයවැයක් ඉදිරිපත් කරන අත්තනෝමතික බලය ව්‍යවස්ථා විරෝධී වරදක් බව දැන දැන දිගින් දිගටම සිද්ධ කරනවා. මීට ඉස්සර මාර්තු මස 06වැනිදාත් මේ වැඩේ කර තිබෙනවා. දැක් කෙලින්ම අයවැය චක්‍රලේඛ ඉදිරිපත් කරන තත්වයට ගමන්කර තිබෙනවා.

මේවා දිහා ඇස් කණ් පියාගෙන බලා ගෙන ඉන්න සුදුහුණු දාග අයට පුළුවන් වුණාට අපට බැහැ. මේ ව්‍යවස්ථාවට අපේ විවේචන තිබෙනවා. තව කෙනෙක් ව්‍යවස්ථාව පිළිගන්නේ නැතිව ඉන්න පුළුවන්. නමුත් ව්‍යවස්ථාවට කවුරුත් යටත්. ඒ ව්‍යවස්ථාව තමයි දැන් ආණ්ඩුව උල්ලංඝනය කරලා තියෙන්නේ. ආණ්ඩුව ජනතාවට දෙන්න තියෙන සහන කප්පාදු කරලා, ජනතාව පිට බදු බර පටවලා දිගින් දිගටම ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරමින් ඉන්නවා. මේ සම්බන්ධයෙන් සමාජ මතයක් හැදෙන්න ඕනෑ. මේ වැරැද්ද නිවැරදි කරන තුරු අපි ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරනවා. ඒ වගේම ජනතාවට සහන ලබාදෙන්න කියලා බලපෑම් කරනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ආණ්ඩුව එල්ල කරන බරපතළ උල්ලංඝනය කිරීම් හෙළා දකිනවා. මේ සම්බන්ධයෙන් සියලු දෙනාගේ ඇස් අරින්න කියලා අපි ඉල්ලීමක් කරනවා. පවතින තත්වය පිළිබඳව ජනතාවටත් අවදියෙන් ඉන්න කියලා ඉල්ලීමක් කරනවා.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්..!

“තෙල් සංස්ථාවේ පාඩුව පියවා ගන්න ජනතාව මත බර පටවන්න ඔය පාඩු කළේ ජනතාව නෙවෙයි. තෙල් ටැංකි ටික අයි.ඕ.සී. එකට දුන්නෙ ජනතාවට කියලා නෙවෙයි. ලාභ ලබන ෂෙඩ් ටික තෝරලා අයි.ඕ.සී. එකට දුන්නේ ජනතාවට කියලා නෙවෙයි. තෙල් සංස්ථාවට ලැබුණු ඒකාධිකාරිය දුන්නේ ජනතාවට කියලා නෙවෙයි. තෙල් සංස්ථා පිරිපහදුවෙන් තිබුණු ලාභයෙන් විතරක් මහවැලි, තම්මැන්නා, ජන ශක්ති කියලා නැව් 3ක් ලංකාවට මිලදී ගෙන තිබුණා. එහෙම ලාභ ලබන තෙල් පිරිපහදුව මිලියන 5,000ක් පාඩු සිදුකළේ ජනතාව නෙවෙයි. අකාර්යක්‍ෂමතාවය, හොරකම්, දූෂණවලට මුල් වෙලා ඉන්නේ ආණ්ඩුවෙන්ම පත්කරගත්ත ලොක්කො ටික. ඒ නිසා මේ පාඩුව ජනතාව පිට පටවන්න දෙන්න ඕනෑ නැහැ.

හූල් මහත්තයා කිව්ව කියන්නේ දූෂිතයින්ට, රැවටිලිකාරයින්ට ඡන්දය දෙන්න එපා කිවු බව නේ. ජී.එල්. පීරිස් මහත්තයා කියන්නෙ ඒ කතාව පොහොට්ටුවේ ඡන්දවලට බලපෑමක් වුණා කියලා. ඕක නිවැරදි කරන්න වෙන්නේ හූල් මහත්තයටම තමයි. මොන භාෂාවෙන් කිව්වත් හූල් මහත්තයට උත්තර දෙන්න තියෙන්නේ රැවටිලිකාරයන්ට, වංචනිකයන්ට ඡන්දය දෙන්න කියලාද? ඒ ප්‍රකාශයත් ජී.එල්. පීරිස් මහතත්යා බාර ගන්නවාද? ඒක එතුමගේ පුද්ගලික අදහස මිසක් මැතිවරණකොමිෂන් සභාවේ අදහසක් නෙවෙයි. අනෙක් අතට මැතිවරණ කොමිෂන් සභාව එහෙම කිව්වත් ඒක වරදක්ද? අනෙක් පැත්තෙන් රැවටිලිකාරයින්ට, දූෂිතයින්ට ඡන්දය දෙන්න එපා කියන එක එල්.ටී.ටී.ඊ. මතයක් කියලා මටනම් පේන්නේ නැහැ. මේක සියලු ජනතාව විසින් කරන්න ඕනෑ ඉල්ලීමක් කියලයි මම කියන්නේ.

මූල්‍ය බලය පිළිබඳව 150(3) වගන්තිය යොදා ගැනීම වළක්වන සහනයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලලා තිබුණේ නැහැ. පෙත්සම්වලින් ඉල්ලලා තිබුණේ මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය අවලංගු කරන්න කියලයි. ශ්‍රේෂ්ඨාධිකරණයේද මේ ගැන විතරක් සාකච්ඡා වුණු නිසා මූල්‍ය බලය පිළිබඳව ප්‍රශ්නය යට ගියා. ඒ යට යාම විසින් මේ වරද නිවැරදි වෙන්නේ නැහැ. අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවේ යෝජනා ස්ථිරත්වයකින් සම්මත විය යුතුයි. ඩී.බී ජයතිලක මහත්තයාගේ කාලයේ ඉඳාලාම අතුරු සම්මත ගිණුම් සම්බන්ධයෙන් මේ තත්වය අනුගමනය කරලා තිබෙනවා. ආණ්ඩුවට මුදල් සම්මත කර ගැනීම පිළිබඳ ගැටලුවක් තිබෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ ගැන මතය විමසන්න ඕනෑ.

ජනාධිපතිතුමා කියලා තිබුණා මැතිවරණ කටයුතුවලට ආයතන ප්‍රධානීන් පත්කර ගන්න එපා කියල. එහෙම කරන තැන්වලදී දැඩි නීතිමය පියවර ගන්නා බවත් දඬුවම් කරන බවත් කියලා තිබුණා. එහෙම නම් එතුමාම පත්කරපු කට්ටිය අයින් කර ගන්න පළවැනි පියවර ගන්න වෙන්නේත් එතුමාටම තමයි. ඒ දේශපාලන පත්වීම් දීලා තියෙන්නේත් එතුමාම තමයි. කාර්ය සාධක බළකායන්ට පත් කරලා තියෙන හුඟක් අය මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තුවේ ඉන්න අපේක්‍ෂකයින්. එහෙම නම් මුලින්ම කාර්ය සාධක බලකායෙන් අයින් කරන්න වෙන්නේ බැසිල් රාජපක්‍ෂ මහත්තයා. පොහොට්ටු පක්‍ෂයේ ප්‍රධාන නිලයක් බැසිල් රාජපක්‍ෂ මහත්තයා දරමින් කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ඉන්නවා. ඒ වගේම චරිත හේරත් මහත්තයත් ඉන්නවා. නිලධාරීන් මැතිවරණ කටයුතුවලට දේශපාලනිකව මැදිහත් වෙන්න එපා කියලා තියෙනවා නම් ඒ ප්‍රකාශයට අපි ගරු කරනවා. හැබැයි ඒ ප්‍රකාශය වැඩියෙන්ම අදාළ වෙන්නේ ජනාධිපතිතුමාම පත්කළ අයටයි. නඩුත් හාමුදරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.

ඇවන්ගාඩ් චෝදනා සම්බන්ධයෙන් ඇප පිට ඉන්න කෙනෙක් ඉදිරිපත් කරන තර්ක අපි ගණන් ගන්නේ නැහැ. රක්නා ලංකා ආයතනය සම්බන්ධයෙන් කෝප් කමිටුව පරීක්‍ෂණ කරලා වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. අන්න ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීමත් ජනාධිපතිතුමාට තිබෙනවා. ඒ හැර හොරෙක් ඇවිල්ලා අභියෝග කළාට අපි බාර ගන්නවාද? ඔය විදිහට ඇලෝෂියස් ඇවිල්ලා ගේම ඉල්ලුවොත් එහෙම අපි බාර ගන්නවාද? මේ කියන අනුග්‍රහ අනුව හෙට අනිද්දා එහෙම වෙන්නත් බැරි නැහැ. මොන තරම් පිරිහීමක්ද මේ තියෙන්නේ? මේවා වැඩිපුරම වාර්තා කරන මාධ්‍යය බලන්න ඕනෑ මේ කතා කියන්නේ කවුද කියලා. ඔය චරිත පුම්බන්නේ මොකටද? හිරේ ඉන්න ඕනෑ හාදයෝ රජ පුටුවේ තියන ජාතියේ වැඩනේ දැන් සිද්ධ වෙන්නේ.”