ජනාධිපති සහ වටේ සිටින අන්තවාදීන් : ලංකාව ලෝකයෙන් හුදකළා කරාවි - දයාන්

ජනාධිපති සහ වටේ සිටින අන්තවාදීන් : ලංකාව ලෝකයෙන් හුදකළා කරාවි - දයාන්

අද මෙරට සිටින පාලකයා සහ ඔහු වටා සිටින අන්තවාදී පිරිස ලංකාව ලෝකය තුළ ඉතාම අමාරු තත්ත්වයකට තල්ලු කරමින් සිටින බව  හිටපු තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා සඳහන් කරයි.

අද පාලකයන් විසින් ලෝකයෙන් ලංකාව හුදකලා කරමින් සිටින බවත් ලෝකයෙන් ලංකාව අයින් කර ගනිමින් සිටින බවත් ඔහු පැවසීය.

අචාර්ය දයාන් ජයතිලක මේ බව සඳහන් කර සිටියේ සමගි ජනබලවේගයේ අපේක්‍ෂකයන් සදහා ඊයේ (10) දින කොළඹදී කැදවා තිබූ සාකච්ඡාවක  විශේෂ දේශණයක් සිදුකරමින්ය.

ලෝකය හා ලංකාව අතර ඇති ගනුදෙනුව වැරදි ආකාරයකට කළමනාකරණය කිරීම හේතුවෙන් ඉතාම දරුණු අර්බුදයකට වත්මන් පාලනය යන බවද ඔහු කියා සිටියේය.

මෙම තත්ත්ව යටතේ දී නිවැරදි විදේශ ප්‍රතිපත්තියක පිහිටවා නොගතහොත් රටට අනාගත විකල්ප නායකත්වයක් බිහි කිරීමට සමගි ජන බලවේගයටද නොහැකි වනු ඇතැයි ඔවුහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය විසින් අනුගමනය කරන ලද විදේශ සහ දේශීය ප්‍රතිපත්ති හේතුවෙන් ඔවුනට දීර්ඝ කාලයක් තිස්සේ ජනාධිපතිවරයෙක් බිහිකර ගැනීමට නොහැකි වූ බව ද ඔහු එහිදී පැවසීය.

නිවැරැදි විදේශ ප්‍රතිපත්තියක් නොමැති නම් මැතිවරණයක් ජයග්‍රහණය කර ගත නොහැකි බවත් යම් හෙයකින් මැතිවරණයක් ජයග්‍රහනය කළද ඊළඟ මැතිවරණයෙන් පරාජය වන බව ඔහු එහිදී තව දුරටත් සදහන් කලේය.

 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න