Language Switcher

V2025

මංගල වෙනසින් ලකුණු දාගන්න ගිය වජිර කුඩු වෙන්න කයි !

හිටපු අමාත්‍ය මංගල සමරවීර  සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කරවා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දේශපාලන ක්‍රියාදාමයක් දියත් කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන  පවසයි.

මේ බව "අද " පුවත්පතේ වෙබ් අඩවිය වැඩිදුරටත්  මෙසේ වාර්තා කර තිබිණ.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ ක්‍රියාදාමය අවසන් මොහොත දක්වාම සමගි ජන ජන බලවේගයේ නායකයන් දැන නොසිටි බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

මෙම දේශපාලන ක්‍රියාදාමය හේතුවෙන් සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුව කඩාකප්පල් වූ බවත්, දකුණු පළාතේම ඔවුන්ගේ ඡන්ද පදනමට එයින් බලපෑමක් ඇති වන බවත් වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඉදිරියේ දී තවත් මෙවැනිම වූ දේශපාලන ක්‍රියාන්විත මෙරට ජනතාවට දැක ගැනීමට හැකි වනු ඇති බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

හිටපු මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරි මහ මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට ගත් තීරණයත් සමග සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වන හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් යළිත් සම්බන්ධ කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාකච්ඡා ආරම්භ කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පක්ෂ උපනායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, වජිර අබේවර්ධන, පාලිත රංගේ බණ්ඩාර සහ රුවන් විජයවර්ධන යන හිටපු අමාත්‍යවරුන් විසින් මින් පෙර සාකච්ඡාවලට එක් වූ සමගි ජන බලවේගයේ හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් සමග ඊයේ (10දා) දිනයේදීද සාකච්ඡා කර තිබේ.

මහමැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කරන ආකාරය පිළිබඳව එම මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කළ බව වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

මහ මැතිවරණයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත සමගි ජන බලවේගයෙන් මැතිවරණය සඳහා ඉදිරිපත් වන හිටපු මන්ත්‍රීවරුන් මැතිවරණ ව්‍යාපාරයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඒ ඒ දිස්ත්‍රික්කවලදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳවද ඉදිරියේදී පොදු එකඟතාවකට පැමිණීමට නියමිත බව අබේවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එහෙත් මේ ප්‍රකාශය සම්බන්ධව  ද ලීඩර් වෙබ් අඩවිය කළ විමසීමේදී හිටපු අමාත්‍ය මංගල සමරවීර සැර ප්‍රතිචාරයක් දක්වා තිබූ අතර එය පහත දැක්වෙයි.

IMG 0553

''වජිර වගේ 'ඩීල්'කාරයින්ගේ කුමන්ත්‍රණ නිසා රනිල් අද තනිවෙලා'' - මංගල

ඩීල් දේශපාලනය' තම පැවැත්ම කර ගත් වජිර අබේවර්ධන වැනි පුද්ගලයින්ගේ කුමන්ත්‍රණ නිසා, පක්ෂය තුළ සිටින  අවංක, කාර්ය ශුර පුද්ගලයින්ට

මෙවර මහ මැතිවරණයේදී 'සමගි ජන බලවේගය' යටතේ වෙනම තරඟ කිරීමට සිදුව ඇති බවත්, එම තත්වය තුල එජාප නායක රනිල් වික්‍රමසිංහ දේශපාලනික වශයෙන් තනිවී සිටින බවත් හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මංගල සමරවීර එබව සඳහන් කළේ, ''සමගි ජන බලවේගයේ' මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් මංගල ඉවත් කරවා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා තමා එක්ව දේශපාලන ක්‍රියාදාමයක් දියත් කළ බවට'' හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන කර ඇතැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයක පලවී ඇති පුවතක් පිළිබඳව 'theleader.lk' කල විමසීමක දී ය.

'' මම මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත්වෙන්න ගත්ත තීන්දුව හොඳට හිතල බලලා ගත්තු දේශපාලන පියවරක්. 'ඩීල් දේශපාලනයේ ඔස්තාර්ලට එක 'ඩීල්' එකක් විදියට පෙන්න පුළුවන්. මම ගත්ත තීන්දුව ජුනි 09 දා ප්‍රකාශයට පත් කරන්න ඉස්සෙල්ල මම ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් වෙන වෙනම හමුවෙලා දැනුම් දීලයි තිබුනේ.

 මම එක්සත් ජාතික පක්ෂයට එකතුවුනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කෙරෙහි පැවති විශ්වාසය නිසා. එනිසා මම ගනු ලබන දේශපාලන ස්ථාවරය ඔහුට ද දැනුම මගේ යුතුකමක් වුනා. මම රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවුන වෙලාවේ මගේ දේශපාලන ස්ථාවරය පැහැදිලි කළා මිසක් උපදෙස් ගන්න ගියේ නැහැ. මම ගත්තු තීන්දුවට ඔහුගේ කිසිඳු සම්බන්ධයක් නැහැ.

මං පොර වෙන්න දගලන වජිරලා වගේ 'ඩීල්කාරයෝ' ඉන්නතුරු එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නම් නැහැ. එක්සත් ජාතික පක්ෂය වැනි ශ්‍රේෂ්ඨ පක්ෂයක් මේවගේ තක්කඩියන්ගේ නවාතැන් පලක් වී තිබීම ගැන මම ඇත්තටම කණගාටු වෙනවා'' මංගල සමරවීර වැඩිදුරටත් කියා සිටියේය.