කොරෝනා ආ​සාදිතයින් 1877ක් දක්වා ඉහළට

කොරෝනා ආ​සාදිතයින් 1877ක් දක්වා ඉහළට

ඊයේ ආසාදිතයින් 8 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා ආ​සාදිතයින් සංඛ්‍යාව 1877 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, එම රෝගීන් 08 දෙනාම නාවික හමුදා සමාජිකයින් බවයි.

එම පිරිස වාර්තා වී ඇත්තේ, ඉයක්කච්චි නිරෝධායන මධ්‍යස්ථානයෙන් 04 දෙනෙකු, මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයෙන් 3 දෙනෙකු සහ විදත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයෙන් එක් අයෙකු වශයෙනි.

මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු ඊයේ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1150 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය අසාදනයෙන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 716කි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න