හොකී මාෆියාවට මට්ටු කරන උත්සාහයක් : ක්‍රීඩා ඇමති ඩලස්ට මල් මිටක් !

හොකී මාෆියාවට මට්ටු කරන උත්සාහයක් : ක්‍රීඩා ඇමති ඩලස්ට මල් මිටක් !

හොකි ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රීඩා විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ගනුලැබූ තීන්දුවක් සම්බන්ධව හොකී ක්‍රීඩාවට ඇළුම්කරන සියළු පාර්ශව මෙන්ම ක්‍රියාකාරී සංගම් සිය ප්‍රසාදය පළකර සිටියි.

 ඒ හොකී නිලවරණය නැවත පැවැත්වීම වෙනුවෙන් අමාත්‍යවරයා සිදුකර ඇති නියෝගය සම්බන්ධවය.
 
ක්‍රීඩා විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම දන්වා ඇත්තේ එළැඹෙන 17 වනදා හොකී නිලවරණය නැවත පැවැත්වීමට අදාළ විශ්‍රාමලත් විනිසුරුවරුන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කරන බවය.
 
ඒ අනූව වසර 4ක් වෙනුවෙන් පත්වූ වත්මන් දූෂිත හොකි ජාතික සසම්මේලනයට යනෙන මං නැතිවන තත්ත්වයක් මතුව ඇත. ඒ දූෂිත හොකී නිලවරණය පවත්වා  වසර එක හමාරක් ගත වන විට යළිත් නිලවරණයක් පැවැත්වෙන නිසා ය.
 
ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අඛණ්ඩව ලැබුණු  මීට වසර 1 1/2 කට  පෙර පත්වූ වත්මන් දූෂිත හොකී පරිපාලන සම්බන්ධව පැමිණිලි  සලකා බැලීමෙන් අනතුරුව ක්‍රීඩා විෂය භාර  අමාත්‍ය ඩලස් අලහප්පෙරුම   අදාල තීරණය  ගෙන ඇති බව ය.
 
විශේෂයෙන් ම මේ වන විටත් පවතින හොකී ජාතික සංගමය සම්බන්ධව අධිකරණය ද නඩුවක් විභාග වෙයි. පසුගිය මැතිවරණය පැවැත් වූයේ අන්ත දූෂිත ආකාරයට වන අතර ඒ සම්බන්ධව newstube.lk වෙබ් අඩවිය ද අනාවරණය කිහිපයක් ම සිදු කරනු ලැබිණ.
 
මේ වන විටත් පවතින හොකී ජාතික සංගමය  දශකයකට අධික කාලයක් තිස්සේ තට්ටු මාරු ක්‍රමයට නිලධාරීන් පත් කර ගනිමින් හොකී  මාෆියාවක් ගොඩ නගා ඇත.
 
එම මාෆියාව විසින්  පසුගිය හොකී නිලවරණය  අවස්ථාවේ හොකී ක්‍රීඩාංගනය තබා  ගෝල් කණු හෝ නොමැති  මාතර සහ රත්නපුර වැනි ඡන්දය පමණක් ඉලක්ක කර ගත් සංගම් වල සහයෙන් නනිලවරණය  ජයගනු ලැබීය. එහෙත් එය සිදු වූයේ හොකි නිලවරණය  පැවැත් වූ  ආකාරය සම්බන්ධව විරෝධය දක්වමින් ක්‍රියාකාරී හොකී සංගම් නිලවරණ කටයුත්තෙන් ඉවත් වීමෙන් පසුවය.
 
එසේම මෙහි දී  මෙරට  මේ වන විට පවතින අතිශය ක්‍රියාකාරී හොකී සංගම් විරෝධී දක්වා සිටි නමුත් එයින් ප්‍රතිඵලයක් අත් වූයේ නැත. හොකී  ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන පාර්ශව සහ ක්‍රීඩා සමාජ සඳහන් කර සිටින්නේ අවම වශයෙන් මෙතෙක් ක්‍රීඩා අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ කිසිවෙකු  හොකී සම්මේලනය  අරක්ගෙන සිටින බහිරවයන් සමඟ සාකච්ඡා කළ නමුත් ක්‍රීඩාව වෙනුවෙන් තීන්දුවක්  ගෙන නොතිබූ බවයි. 
 
ඒ අනුව වත්මන් අමාත්‍යවරයා ලෙස ඩලස් අලහප්පෙරුම   ගෙන ඇති තීන්දුව රැඩිකල් බවත් ඒ බව තව දුරටත් විමසා බැලීමට පසුගිය කාලය තුළ ක්‍රීඩාවේ වර්ධනය සහ කඩා වැටීම සැලකිල්ලට ගැනීම ප්‍රමාණවත් බවත් ඔවුන් පවසයි.
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න