පොළොන්නරුවේ පොහොට්ටු රොෂාන්ට එරෙහිව : කැෆේ වෙතින් පැමිණිල්ලක් !

පොළොන්නරුවේ පොහොට්ටු රොෂාන්ට එරෙහිව : කැෆේ වෙතින් පැමිණිල්ලක් !

රාජ්‍ය දේපොළ අවභාවිත කිරීමක් සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායක රොෂාන් රණසිංහ ට එරෙහිව කැෆේ සංවිධානය විසින් මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් යොමුකර ඇත.

ඒ පැවති රාජ්‍ය අමාත්‍ය කාර්‍යාලය, පොදුජන පෙරමුණේ  පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ ප්‍රධාන කාර්‍යාලය ලෙස භාවිතා කරන බව සඳහන් කරමින්ය.

මේ සම්බන්ධව කැෆේ සංවිධානය නිවේදනයක් ද නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

පොහොට්ටු රොෂාන්ට එරෙහි කැෆේ නිවේදනය !

පොදුජන එක්සත් පෙරමුන යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයට තඑරඟ කරන හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා රාජ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ භාවිත කළ රාජ්‍ය අමාත්‍ය කාර්යාලය මේ වනවිට පොදුජන පෙරමුනේ පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය ලෙස පවත්වාගෙන යනු ලබයි.

රාජ්‍ය ලාංඡනය ද සහිතව මේ පිළිබඳව වන පුවරුවක් මේ වනවිට පොලොන්නරුව නගරයේ ඉදිකර ඇති අතර ඒහි ඡායාරූපයක් මෙහි දැක්වෙයි.

මෙලෙස රාජ්‍ය ලාංඡනය යොදාගැනීම සහ රාජ්‍ය අමාත්‍ය කාර්යාලයක් මැතිවරණ කටයුතු සඳහා යොදු ගැනීම රාජ්‍ය දේපළ අවභාවිත කිරීමකි. මේ පීළිබඳව කැෆේ සංවිධානය මේ වනවිට මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ .

අදාළ පැමිණිලි ලිපිය සහ ඡායාරූපය මේ සමඟ අමුණා ඇති අතර ඒ් සම්බන්ධයෙන් පුළුල් ප්‍රචාරයක් ලබාදෙන මෙන් කාරුණිකව  ඉල්ලමු.

 කැෆේ මාධ්‍ය ඒ්කකය

2020 ජුනි 13

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න