Language Switcher

V2025

පකිස්ථානයේ සිටි ලාංකිකයෝ 129 ක් දිවයිනට

පකිස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු අද දිවයිනට රැගෙන එනු ලැබිණි.

අද 15 අලුයම කරච්චි නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මෙම ගුවන් මගීන් පිරිස සහ එම ගුවන් යානා කාර්යය මණ්ඩලය  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , පී.සී.ආර්.පරීක්ෂණ සදහා ඔවුන් යොමු කර ඇති අතර , එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අසළ ඇති හෝටල් 04 ක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා ඇත.