තැපෑලෙන් ඖෂධ බෙදීම නවතී !

තැපෑලෙන් ඖෂධ බෙදීම නවතී !

කොරෝනා වසංගත තත්වය පැවති සමයේ තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ඖෂධ බෙදා හැරිමේ කටයුතු අද (15)  සිට නතර කරනු ලබන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කළේ සෞඛ්‍ය අංශයේ ද එකඟතාව මත මෙම පියවර ගත් බවයි.

මැතිවරණ කාලසීමාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඊට අදාළ කටයුතු ද මේ වන විට සිදු කිරීමට අවශ්‍යව ඇති බැවින් ඖෂධ බෙදාහැරිමේ කටයුතු සිදුකිරිමේ අපහසුතා මතුව ඇති බව තැපැල්පතිවරයා අදාළ නිවේදනය මඟින් පෙන්වා දී ඇත.

කෙසේවෙතත් ඖෂධ බෙදාහැරිමේ කාර්යය ඉදිරියටත් සිදුකරන ලෙස සෞඛ්‍ය අංශ හා පාරිභෝගික ජනතාව විසින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර ඉදිරියේ දී නව ක්‍රම්වේදයක් ඔස්සේ මෙම කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද තැපැල්පතිවරයා එම නිවේදනය මඟින් සඳහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න