රටට කළ විනාශය නිසා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ඡන්දය දී නැවත පාර්ලිමේන්තුවට නොඑවන ලෙස තමන් පොළොන්නරු ජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
එසේම මෛත්‍රී නැවත පාර්ලිමේන්තුවට පත් කීරීමේ පාපයට පොළොන්නරු ජනතාව මෙවර හවුල් නොවනු ඇතැයි ද කීවේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ බිංගිරිය, රන්තැටියාව, රන්තරු උත්සව ශාලාවේ ඊයේ (15) පැවති රැස්වීමක දී අදහස් දක්වමින් ය.
මෙවර මහ මැතිවරණයේ දී මහින්ද අතහැර නොයන අයට පමණක් ඡන්දය දෙන ලෙසත් , වරප්‍රසාද හා මුදලට විකිණී මහින්ද අතහැර යන අය පාර්ලිමේන්තුවට පත් නොකළ යුතු බවත් ඔහු එහිදී පවසා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
