කරුණා අපේ නෙවෙයි - පොපෙ ලේකම්

කරුණා අපේ නෙවෙයි - පොපෙ ලේකම්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘‘කරුණා අම්මාන්’’ මෙවර මහ මැතිවරණයේදී සිය පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයෙකු නොවන බව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය අවධාරණය කර සිටියි.

මහින්ද රාජපක්ෂ තමන්ට පොහොට්ටු පක්ෂයේ ජාතික ලයිස්තුවට එන ලෙස ආරාධනා කළ බවත් තමන් එක රැයකදී අලිං මංකඩදී හමුදාවේ 2000ක් 3000ක් මරා දැමු බවත් එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර හිටපු සන්නද්ධ අංශ නායක කරුණා අම්මාන් පසුගිය දා සිදුකළ ප්‍රකාශයත් සමග මැතිවරණ වේදිකාවේ දැඩි ආන්දෝලනයක් මතුව ඇත.

‘‘කරුණා අම්මාන්’’ මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී  ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග වදින අපේක්ෂකයෙකු ලෙසට ඇතැම් දේශපාලනඥයින් සිදුකර ඇති  ප්‍රකාශයන්ට ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ, විනයාගමූර්ති මුරලිදන් මෙවර මහ මැතිවරණයට අම්පාර දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත්ව ඇත්තේ, ද්‍රවිඩ මහ සභා පක්ෂයෙන් බවයි.

ලක්ෂ්මන් යාපා කියන කතාව සහ මහින්දගේ සැලකිල්ල !

මේ අතර හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘‘කරුණා අම්මාන්’’ සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන අදහස් පළ කරමින් සඳහන් කළේ කරුණා අම්මාන් කළ ප්‍රකාශය රහසක් නොවන බව මෙරට සමස්ථ ජනතාවම දන්නා කරුණක් බවයි. 


කරුණා අම්මාන් පසුගිය රාජපක්ෂ පාලන සමයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිපයේ නායකයා ලෙස සිටී සමයේදී ඔහුව එම පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙසද පත් කරගන්නා ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න