ජනතාවගේ පෞද්ගලික තොරතුරු රැස්කරන : කම්කරු දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් !

ජනතාවගේ පෞද්ගලික තොරතුරු රැස්කරන : කම්කරු දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් !

කම්කරු දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් හරහා ජනතාවගේ පෞද්ගලික දත්ත රැස්කිරීමක් සම්බන්ධව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අනාවරණය කරයි.

නිවේදනයක් නිකුත්කරමින් එම සංගමය මේ බව සඳහන් කරන අතර එම නිවේදනය පහත දැක්වෙයි.

කම්කරු දෙපාර්තුමේන්තුව විසින් ලබාදෙනු ලබන ඩොලර් 20,000ක ප්‍රතිලාභයක් ලබාගැනීමට ඇතැයි පවසමින් https://whatsget.online/labourdept නම වෙබ් ලිපිනය යටතේ කම්කරු දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් ක්‍රියාත්මකවන අතර මෙම වෙබ් අඩවිය හා එක්ව ප්‍රතිලාභ ලබාගැනීමට කටයුතු කරන ලෙස දැක්වෙන පණිවිඩයක් වට්සැප්,ෆේස්බුක් සහ මැසෙන්ජර් සමාජ මාධ්‍ය යෙදුම් හරහා ශ්‍රී ලංකික ජනයා අතර ඉතා විශාල වශයෙන් හුවමාරු වේ. 

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි කිහිපයක් ලැබී ඇත. මෙම වෙබ් අඩවිය ශ්‍රී ලාංකික මහජනතාවගේ දත්ත ලබාගැනීමට මෙන්ම ජංගම දුරකථන වලට අනිෂ්ඨ යෙදුම් ස්ථාපනය කිරීමට යොදාගත හැකි බැවින්  කම්කරු දෙපාර්තුමේන්තුවේ නාමය සදහන් කරමින් සමාජ් මාධ්‍ය වෙබ් අඩවි වල සැරිසරන පණිවිඩ කෙරෙහි අවධානයෙන් පසුවන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම්දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්  

සභාපති                                                                

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න