නාගරික මන්ත්‍රීන්ට තර්ජනය කරලා : අශෝක් අබේසිංහට චෝදනාවක් !

නාගරික මන්ත්‍රීන්ට තර්ජනය කරලා : අශෝක් අබේසිංහට චෝදනාවක් !
කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වරයෙකු තමන්ට සහාය ලබා දෙන පවසා කුරුණෑගල නාගරික මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් සිටින බව වාර්තා වේ.
 
සමගි ජන බලවේගය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගේ ආධාරකරුවන් බව කියන පිරිසක් විසින් එසේ තර්ජනය කොට ඇත්තේ එජාපයට සහාය පළ කරන නාගරික මන්ත්‍රීවරුන් පිරිසකටය.
 
මන්ත්‍රීවරුන් මෙන්ම මන්ත්‍රීවරියන් කිහිප දෙනෙකුගේ නිවසට යතුරු පැදියකින් පැමිණි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ආධාරකරුවන් බව කියාගත් මැරයන් දෙදෙනෙකු මෙසේ තර්ජනය කළ බව ඊට මුහුණ දුන් නාගරික මන්ත්‍රීන් පවසා සිටියි.
 
එසේ තර්ජනය කරමින් ඔවුන් පවසා ඇත්තේ එක්සත්  ජාතික පක්ෂය වෙනුවෙන් මැතිවරණ කටයුතු වල නියුතු නොවන ලෙසත් එසේ  කටයුතු කළ හොත් ප්‍රශ්න වලට මුහුණ දෙන්නට වනු ඇති බවත් බවද දැනගන්නට ඇත.
 
මීට අමතරව එජාපයට සහාය පළ කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන්ටද දුරකතනයෙන් අමතා තර්ජනය කිරීමේ අවස්ථාද වාර්තා වී ඇත.
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න