මාව අත්අඩංගුවට ගන්න බෑ - කරුණා

මාව අත්අඩංගුවට ගන්න බෑ - කරුණා

තමන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයකු ලෙස සිටියදී හමුදා සෙබළුන් ඝාතනය කළ බව සෑම පුද්ගලයකුම දන්නා කරුණක් බැවින් දැන් තමන් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොමැති බව ද්‍රවිඩ මහ සභා පක්ෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයට තරග කරන විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් පවසයි.

කොරෝනාවට වඩා තමන් භයානක බවත්, එක දිනකදී හමුදාවේ 2000ක් පමණ මරා දැමූ බවට ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසුමකදී විනයාගමූර්ති මුරලිදරන් මේ බව ප්‍රකාශ කළේය.

තමන් කළ ප්‍රකාශයට සම්බන්ධයෙන් එම ස්ථාවරයේම සිටින බව ඔහු අවධාරණය කර සිටියේය.

තමන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළද එම පක්ෂවලද පෙර වැරදි ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

තමන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එක්ව සිටින බවද විනායාගමූර්ති ​ මුරලිදරන් ප්‍රකාශ කරයි.

– aruna

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න