වැලි පොලේ සෙබළ තුවක්කු පත්තු වෙයි : තරුණයෙක් මරුට !

වැලි පොලේ සෙබළ තුවක්කු පත්තු වෙයි : තරුණයෙක් මරුට !

කිලිනොච්චිය මුහමාලෙයි ප්‍රදේශයේදී වැලි කැනීමේ ව්‍යාපාරයක පිරිසක් සහ ආරක්ෂක භටයන් අතර ඇති වූ ගැටුමකදී සෙබළ තුවක්කුවක් පත්තු වීමෙන් පුද්ගලයකු මියගොස් ඇත.

මෙම වැලි කැනීමට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ ගැටුමකිදී යුද හමුදාව වෙඩි තබා ඇති අතර එක් අයෙකු මිය ගොස් ඇති බවට පලෙයි පොලිසිය පවසයි.

නීතිය හා සාමය ආරක්ෂා කිරීමේදී ලෝකයම පිළිගත් ආයතනය ලෙස පොලිසිය වෙනුවට සන්නද්ධ හමුදාව යොදවීමේ ගැසට් නිවේදනය මගින් ගෝඨාභය ජනාධිපතිවරයා රටම යුද තත්වයකට සමාන ලෙස හමුදාව කැඳවා ඇත. මේ සම්බන්ධ මතුව තිබෙන විරෝධය නොතකා පාර්ලිමේන්තුව නොමැති අවස්ථාවේ අත්තනෝමතික බලයක් ජනාධිපතිවරයා විසින් භාවිතයට ගෙන ඇත.

මේ වනවිට ආණ්ඩුවේ තීරණයක් අනුව, වැලි ප්‍රවාහනයට බලපත්‍ර අවශ්‍ය නොවන අතර වැලි කැණීමේ ව්‍යාපාරය හරහා ආදායම් උපදාව ගැනීමට විවිධ පුද්ගලයන් මේ කාල සීමාව යොදා ගනී. එහෙත් පොලිසිය පවසන්නේ මුහමාලෙයි ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන් පිරිසක් පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව යුද හමුදා සාමාජිකයන් පිරිසක් විසින් අදාල ප්‍රදේශයේ පසුගිය 20 වැටලීමක් සිදුකර ඇති බවයි. එහිදී වැලි කැනීම් ව්‍යාපාරය සිදුකරන පිරිස හා යුද හමුදා සාමාජිකයන් අතර උණුසුම් තත්වයක් හටගෙන ඇත.

මේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය මාධ්‍ය වෙත පවසන තත්වය මෙසේය.

ආරක්ෂක හමුදා භටයන්ගේ මැදිහත්වීම නිසා පිරිසක් වාහන වලින් පලා යාමට උත්සාහ දරා ඇති අතර ඒහිදී සෙබලුන් යටකරගෙන යාමට උත්සාහ දරා ඇති බව පොලිසිය පවසයි. මේ අතර ඒහි සිටි තවත් අය යුදහමුදා සාමාජිකයින්ට පහර දී ගිනි අවි පැහැරගැනීමට උත්සහ දරා ඇති බව පවසන පොලිසිය එම අවස්ථාවේදී ආරක්ෂාව වෙනුවෙන් යුදහමුදා සෙබලකුගේ ගිනිඅවිය පත්තුවීමෙන් එක් අයෙකුට බරපතල තුවාල සිදු වී ඇති බවද කියයි. බරපතල තත්වයේ සිටි තුවාලකරු පලෙයි රෝහලට රැගෙන ගොස් ඇති අතර රොහලේදී තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් ඇති බවට පලෙයි පොලිසිය පවසයි.

වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ පලෙයි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ටී.රාමලිංගම් නැමති තරුණයෙකි. මෙම මරණය සම්බන්ධ මහෙස්ත්‍රාත් මරණ පරික්ෂණ කටයුතු ඊයේ (21) දින සිදු කිරීමට නියමිත බවටද පලෙයි පොලිසිය පවසයි.

මේ අතර තරුණයාගේ මිය යාමත් සමඟ ප්‍රදේශවාසීන් විසින් වෙඩිතැබීමට එරෙහිව පලෙයි රෝහලට පැමිණ විරෝධය පෑමට ගත් උත්සහයේදී පලෙයි පොලීසිය විසින් තත්වය පාලනය කිරීමටද පියවර ගෙන ඇත.

(lanka views )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න