පාසල් බාහිර ක්‍රියාකාරකම් සීමා කරන්නැයි දැනුම් දීමක්

පාසල් බාහිර ක්‍රියාකාරකම් සීමා කරන්නැයි දැනුම් දීමක්

ඉදිරි මාස කිහිපය තුළ පාසල් ආශ්‍රිතව විෂය බාහිර ක්‍රියාකාරකම් සීමා කරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ. එහි ලේකම් එම්.එච්.එම් චිත්‍රානන්ද මහතා පැවසුවේ මග හැරුණු විෂය මාලා ආවරණය කිරීම සඳහා හැකි උපරිමයෙන් අදාළ කාල සීමාව උපයෝගී කර ගත යුතු බවයි.

උදෑසන රැස්වීම්, දින සැමරුම් වැනි විෂය බාහිර ක්‍රියාකාරකම් මෙම කාල සීමාවේ හැකිතාක් සීමා කරන්නැයිද ඔහු සියලු පාසල් ප්‍රධානීන්ට දැනුම් දෙයි.

ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ, ළමුන් සහභාගී විය යුතු ශාරීරික ක්‍රියාකාරකම් සෞඛ්‍යය රෙගුලාසීවලට අනුගත වෙමින් සිදු කළ යුතු බවයි.

මීට අමතරව ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වන සිසුන් සඳහා පමණක් අවශ්‍යතාව අනුව ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙන්නැයි නිකුත් කළ උපදෙස් මාලාවෙන් සියලු විදුහල්පතිවරුන්ට දැනුම් දුන් බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එච්.එම් චිත්‍රානන්ද මහතා පැවසුවේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න