දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමත් චීනයට !

දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමත් චීනයට !

දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් ද චීන සමාගමකට පැවරීම සඳහා රජය සූදානම්ව සිටින බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කර ඇති බවත් දුම්රිය වෘත්තීය සමිති අනාවරණය කරයි.

පසුගිය 26 වනදා මාධ්‍ය හමුවකදී  දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයද මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම  සංගමයේ  ලේකම් ඉන්දික දොඩම්ගොඩ මෙසේ පැවසීය.

“දුම්රියේ ටිකටිං ක්‍රමයක් ගේන්න මේ වෙනකොට අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. අදාළ ටෙන්ඩර් පත් සකස් කරලා. මේකත් මේ චීන රජයට දෙන්න කටයුතු කරමින් යනවා.

මේවා වහාම නැවැත්විය යුතුයි. මොකද මේ රටේ කරන්න පුළුවන් මේවා. අපට ටිකට් නිකුත් කිරීමේ ක්‍රමයක් හදන්න අපේ රටේ ඉංජිනේරුවෝ නැද්ද? අපේ රටේ දක්ෂ මිනිස්සු නැද්ද?

අපි පහුගිය කාලෙ දැක්කා නව නිශ්පාදන බොහොමයක් කොරෝනා ව්‍යසනයත් එක්ක මතුවෙනවා. ඉතිං මෙවැනි තත්වයක් තුළ ඇයි අපට බැරි මේක නිර්මාණය කරගන්න? ඕනෙ තරම් දැනුම තියෙනවා.

දුම්රිය සම්බන්ධ දැනුම අපට දෙන්න පුළුවන්. ඉදිරිපත් වෙනවා නම් කවුරුහරි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉංජිනේරුවරයෙක් අනිවාර්යයෙන්ම එකතුවෙලා අපට මේක අපේ රටේ දෙයක් විදියට කරන්න පුළුවන්.

එහෙම නොකර ඇයි මේ රටේ සල්ලි ඩොලර් මිලියන ගණන් ණය වශයෙන් අරන් ණය උගුලක හිරවෙන්න හදන්නේ ඇයි කියන එක මම ප්‍රශ්න කරනවා” 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න