ආර්ථිකය හොම්බෙන් යන්න ඔන්න මෙන්න : මහ බැංකු - භාණ්ඩාගාර ලොක්කන් පැටලෙයි !

ආර්ථිකය හොම්බෙන් යන්න ඔන්න මෙන්න : මහ බැංකු - භාණ්ඩාගාර ලොක්කන් පැටලෙයි !

කොරෝනා රෝගයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාරවලට හැකි ඉක්මනින් ණය සහනය ලබා දීමට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් නිසි ලෙස ඉටුකළ නමුත් ණය සැපයීම පරක්කු වූයේ තමන්ගේ වරදකින් යැයි නියෝජ්‍ය මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා නගන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා කීය.

ආටිගල මහතා මෙම ප්‍රකාශය කළේ පසුගියදා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා මෙම සහන ණය දීම ප්‍රමාද කළේ තමන් යැයි මාධ්‍යයට කරන ලද ප්‍රකාශයක් ගැන කළ විමසුමකට පිළිතුරු ලෙසය.

කොරෝනා වසංගතය නිසා කඩා හැලුණු ව්‍යාපාරවලට 4 %ක සහන පොලියට ණය සැපයීමට හැකිවන ලෙස මහ බැංකුව 1%ක පොලියට අවශ්‍ය ප්‍රතිපාදන වාණිජ බැංකුවලට නිදහස් කරන ලෙස තමන් මෙම ප්‍රශ්නය උද්ගත වූ දා සිටම කී නමුත් මහ බැංකුව සහන පොලී ණය වෙනුවට බැංකුවලට ණය සහතිකයක් (ක්‍රෙඩිට් ගරන්ටියක්) ලබා දී එම වැඩසටහන ක්‍රියාත්මක කරන්නට යාමෙන් ප්‍රශ්නය ව්‍යාකූල වූ බව ලේකම්වරයා තවදුරටත් කීය.

එම මහ බැංකු යෝජනාව අනුව වාණිජ බැංකු ක්‍රියා නොකිරීම නිසා සහන ණය සැපයුම ප්‍රමාද විය.

එහෙත් ජනාධිපතිතුමා මහ බැංකුවේ බලධරයන් අමතා වහා මෙම කටයුත්ත ඉටුකරන්නැයි දැන්වූ පසු තමන් මාස ගණනකට පෙර කළ යෝජනාව පැය කිහිපයක් තුළ මහ බැංකුව ඉටුකළ බව හෙතෙම සඳහන් කළේය. එහි වරද තමන් පිට පටවා ඊට වගකිව යුතු අයට ඇඟ බේරාගත නොහැකි යැයි ද ඔහු පැවසීය.

– deshaya

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න