වයඹ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙඩ වෙයි !

වයඹ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙඩ වෙයි !

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පැවරුණු විශේෂ රාජකාරි වෙනුවෙන් තම නිලධාරීන්ට ලැබිය යුතු දීමනා සහ වරප්‍රසාද නිසි ලෙස ලබානොදීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට වයඹ පළාතේ සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (01) දිනයේදී ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත්ව සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කුරුණෑගල ශාඛාවේ සභාපති අමල් නිශාන්ත බණ්ඩාර  පවසයි.

ඒ අනූව මෙම තීරණය සමග  කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 200ක් පමණ සේවයෙන් ඉවත් ව ඇත.

කොරෝනා වසංගතය ආරම්භ වීමත් සමඟෙ විශේෂ රාජකාරී ලෙස ඇතැම් අවස්ථාවලදී දිවා රාත්‍රී සේවය කිරීමට සිදුවීමත් සමඟ ප්‍රධාන ලේකම්වරයා විසින් දින 20ක විශේෂ දීමනාවක් ගෙවීමට පොරොන්දු වුවත් එය මේ වනවිට වරු 20ක් දක්වා අඩුකර ඇති බවත් තවද පුත්තලම් දිස්ත්‍රික්කයේ නිලධාරින් වෙනුවෙන් පසුගිය මාර්තු මාසය සඳහා අතිකාල පැය 150 බැගින් ලබාදී ඇති නමුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට එම මාසයට අතිකාල ලබාදී නැති බවත් ඔහු පෙන්වා දෙයි.

පුත්තලම් දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට මේ වනවිට මාස තුනක් සඳහා දුරකථන දීමනාව ලබාදී ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට එම දීමනාව ලබාදී ඇත්තේ මාස දෙකක් සඳහා පමණි.

පසුගිය ජූනි මාසය වෙනුවෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට අතිකාල පැය 150ක් ලබාදී ඇතැත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට ලබාදී ඇත්තේ පැය 100ක් පමණක් බවද එම නිලධාරීහු කියති.

එකම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක යටතේ පාලනය වන වයඹ පලාතේ මෙම දිස්ත්‍රික්ක දෙක සඳහා ආකාර දෙකකින් කටයුතු කරනු ලබන්නේ කෙසේදැයි නිලධාරීහු ප්‍රශ්න කරති.

මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම වෙනුවෙන් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා, දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන ලේකම්වරයා කිහිප අවස්ථාවක් ලිඛිතව දැනුවත් කලත් යහපත් ප්‍රතිචාරයක් නොලද හේතුවෙන් ඉහත තීරණයට එළඹි බව සංගමයේ සභාපතිවරයා පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න