ලංකා ආර්ථිකය අවධානමක : ආදායම සුඩානයේ තැනට වැටෙයි !

ලංකා ආර්ථිකය අවධානමක : ආදායම සුඩානයේ තැනට වැටෙයි !

ලෝක බැංකුවේ නවතම වර්ගීකරණයන්ට අනුව ශ්‍රී  ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත හෙලා ඇත.

පෙර වසරට සාපේක්ෂව අවම කාණ්ඩයකට ගමන් කරන රටවල් තුන අතරට ශ්‍රී ලංකාව පත්ව තිබීම විශේෂත්වයක් වන අතර  එම කාණ්ඩයට ඇතුලත් වන අනෙක් සෙසු රටවල් දෙක වන්නේ ඇල්ජීරියාව සහ සුඩානයයි.

මෙය ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩයට වර්ගීකරණය කිරීමෙන් වසරකට පසුව වීම විශේෂත්වයකි.

ලෝක බැංකුවේ මෙම වර්ගීකරණය සෑම වසරකම ජූලි 01 දින යාවත්කාලීන වේ. විවිධ රටවල් වල ආදායම් මට්ටම අනුව ලෝක බැංකුව විසින් මෙම වර්ගීකරණය සිදුකරනු ලබයි.

ඒ අනුව, ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේ වෙනත් වර්ගීකරණයන්ට ලක්වන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවද ඇතුලත්වේ.

Lower category11111111111111111111111

 

ඉකුත් වසරේදී අමෙරිකානු ඩොලර් 4060 ක් වූ දළ ජාතික ආදායමකට හිමිකම් කියූ ශ්‍රී  ලංකාවේ දළ ජාතික ආදායම මේ වර්ෂයේදී අමෙරිකානු ඩොලර් 4020ක් දක්වා පහත වැටී ඇත. ලෝක බැංකුව විසින් සිය නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව පහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී  ලංකාව වර්ගීකරණය කර ඇත්තේ ඒ අනුවය.

ලෝක බැංකු ක්‍රමවේදයට අනුව,

# ඩොලර් ඒක පුද්ගල ආදායම ඩොලර් 1,036 ට වඩා අඩු ආදායමක් ලබන රටවල්, පහළ ආදායම් ලබන රටවල් ලෙසත්,

# ඩොලර් 1,036 - 4,045 අතර රටවල් පහළ මැදි ආදායම් ලබන රටවල් ලෙසත් වර්ගීකරණය කර තිබේ.

#  මෙහිදී ඉහළ මැදි ආදායම් ලාභී රටවල් ලෙසින් සලකා ඇත්තේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4,046 - 12,535 අතර රටවල්ය.

# ඩොලර් 12,535 ට වඩා වැඩි ඒකපුද්ගල ආදායමක් ඇති රටවල් ඉහළ ආදායම් ලබන රටවල් ලෙසින් සැලකේ.

Lower category.12222222222222222222222

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න