අමාත්‍යාංශ උපදෙස්වලට පිටින් පාසල්වල ගුරුවරුන් ගෙන්විමට එරෙහිව ලංකා ගුරු සංගමයෙන් පැමිණිල්ලක්

අමාත්‍යාංශ උපදෙස්වලට පිටින් පාසල්වල ගුරුවරුන් ගෙන්විමට එරෙහිව ලංකා ගුරු සංගමයෙන් පැමිණිල්ලක්

අධ්‍යාපන අමාත්‍යාංශ උපදෙස්වලට පටහැනිව පාසල්වල ගුරුවරු ගෙන්වීම පිළිබඳව මානව හිමිකම් කොමිසමට ලංකා ගුරු සංගමයෙන් පැමිණිල්ලක් අද ( 6) ඉදිරිපත් කර ඇත. 

එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මෙම පැමිණිල්ල සම්බන්ධව  නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත්  මෙසේ කරුණු දක්වා ඇත. 

‘‘අධ්‍යාපන ලේකම්වරයාගේ අත්සනින් යුතුව පළාත් අධ්‍යාපන ලේකම්වරු සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු අමතන ලද ‘‘කෝවිඞ් 19 වසංගතය හේතුවෙන් නිවාඩු ලබාදුන් රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමේ කි‍්‍රයාවලිය’’ මැයෙන් යුතු 2020.06.22 දිනැති ඊඞී/01/12/06/05/01 අංකයෙන් යුතු ලිපිය මගින් පාසල් ආරම්භ කිරීමේ කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් උපදෙස් ලබා දී තිබුණි. එහෙත් අද දින පාසල් ආරම්භ කිරීමේදී දිවයිනේ බොහෝ පළාත්වල මෙන්ම ජාතික පාසල්වල ද අධ්‍යාපන ලේකම්ගේ උක්ත ලිපියේ උපදෙස්වලට පටහැනිව සියලූම ගුරුවරු පාසල්වලට කැඳවා තිබුණි.

මේ තුළින් පාසල් පද්ධතියේ සමස්ත ගුරුවරුවන්ට සමානව සැලකීමේ මූලික අයිතිය උල්ලංඝණය වීම පිළිබඳව ලංකා ගුරු සංගමය පැමිණිලි අංක HRC/1205//20 යටතේ ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අද දින (2020.07.06) පැමිණිල්ලක් කරන ලදී. එම පැමිණිල්ලෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සහ සියලූම පළාත් අධ්‍යාපන ලේකම්වරු වග උත්තරකරුවන් කරන ලද අතර, කඩිනමින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කොට සමස්ත පාසල් පද්ධතිය තුළ සමාන ආකාරයෙන් කටයුතු කිරීමට අදාළව නිර්දේශයක් ලබාදෙන ලෙස ද ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිිටින ලදී.

මෙයට,

ජෝසප් ස්ටාලින්

ප‍්‍රධාන ලේකම්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න