වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීමේ නඩුවේ ප්‍රධාන චූදිතයෙකු වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අද (10) දහවල් ඡායාරූප මාධ්‍යවේදියෙකුට තර්ජනය කරමින් ඔහුගේ රාජකාරියට බාධා කර ඔහුව මහාධිකරණ පරිශ්‍රය තුළට ඇදගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට කොළඹ අංක 01 මහාධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් පරීක්ෂක රංගජීව ගේ ඡායාරූපයක් ගැනීමට යාමේදී ඔහු විසින් මාධ්‍යවේදියා අල්ලාගෙන, පොලිස් මුරපොළ වෙත රැගෙන ගොස් ඇත.
පොලිස් පරීක්ෂක රංගජීව අද පස්වරුවේ පැවැත්වෙන වැලිකඩ බන්ධනාගාර නඩුවේ විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීමට ද නියමිතය.
මේ සම්බන්ධව නිව්ස් ෆස්ට් ගෙනා පුවත පහත දැක්වෙයි.

