අඳුරු යුගය යළිත් - ජනතාව තීන්දුවක් ගතයුතුයි : රංගජීවගේ වැඩේට එජාප ප්‍රතිචාරය මෙන්න !

අඳුරු යුගය යළිත් - ජනතාව තීන්දුවක් ගතයුතුයි : රංගජීවගේ වැඩේට එජාප ප්‍රතිචාරය මෙන්න !
මේ රජයත් පෙර පරිදිම තොරතුරු වසන් කිරීම උදෙසා  ජනමාධ්‍යවේදීන් අතුරුදන් කරන,මරාදමන අඳුරු යුගයට මේ රට හැරවීමට උත්සාහ දරන්නේ නම් ඒ පිළිබඳව මහජනතාව විමසිල්ලෙන් කටයුතු කර තීන්දුවක් ගතයුතු බව එක්සත් ජාතික පක්ෂය විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
 
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද  ( 10) නිකුත්කළ නිවේදනයක මේ බව සඳහන් කර ඇත.
වැලිකඩ ඝාතන නඩුවේ විත්තිකාර හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව විසින් අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදියකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධව 
ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම නිවේදනය නිකුත්කර ඇත.
 
අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
 
අද  පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාර ඝාතන සිදුවීමට අදාළ නඩු කටයුත්ත සඳහා හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අධිකරණ භූමියට පැමිණීමේදී ඡායාරූප මාධ්‍යවේදියෙකු විසින් ඔහුගේ  ඡායාරූපයක් ලබා ගත් නිසාවෙන් එම මාධ්‍යවේදියාගේ කමිසයෙන් අල්ලාගෙන ගොස් පොලිස් මුරපොළ වෙත භාර දීම එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස හෙළා දකියි.
 
වැලිකඩ බන්ධනාගාර ඝාතන සිදු වීමේ ප්‍රධාන චූදිතයකු වන නියෝමාල් රංගජීව විසින් අධිකරණ භූමිය තුළ දී මෙලෙස මාධ්‍යවේදීන්ට තර්ජනාත්මක ආකාරයෙන් රාජකාරියට බාධා කිරීමට බලය ලබා දී ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳව අපට ඇත්තේ විශාල ප්‍රශ්නයකි.
 
එය  මාධ්‍යවේදීන් විසින් රජයෙන් ප්‍රශ්න කළ යුතුව ඇත.එමෙන්ම, පසුගිය වසර පහ ඇතුළත මේ රටේ උපරිම මාධ්‍ය නිදහසක් ස්ථාපිත කළ එක්සත් ජාතික පක්ෂය වත්මන් රජයේ වර්තමාන මාධ්‍ය මර්දන ක්‍රියාවලිය පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කර ඇත.එක්සත් ජාතික පක්ෂය විසින් ස්ථාපිත කළ මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී පසුබිම යම් හෙයකින් මේ රජය විසින් විනාශ කිරීමට කටයුතු කරන්නේ නම් ඒ සඳහා මෙරට සියලූම මාධ්‍ය සියලුම මාධ්‍ය ආයතන එක්සත්ව තමන්ගේ මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි .
 
නැවතත් මේ රජය විසින් පෙර පරිදිම තොරතුරු වසන් කිරීම උදෙසා  ජනමාධ්‍යවේදීන් අතුරුදන් කරන,මරාදමන අඳුරු යුගයට මේ රට හැරවීමට උත්සාහ දරන්නේ නම් ඒ පිළිබඳව මහජනතාව විමසිල්ලෙන් කටයුතු කර තීන්දුවක් ගතයුතු බව එක්සත් ජාතික පක්ෂය විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
 
එක්සත් ජාතික පක්ෂය මෙරට මාධ්‍යවේදීන් ගේ මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ඉදිරියේදිත් ප්‍රමුඛ වී කටයුතු කරන බවද මෙයින් සඳහන් කළ යුතුය.

Screenshot 20200710 192842

 
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න