Language Switcher

Ad

Ad 01

V2025

කොරෝනා ආසාදිතයින් 2450 ක් දක්වා ඉහළට

ඊයේ දිනය වන විට  කොරෝනා ආසාදිතයින් 296 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ එම ආසාදිතයින් අතරින් 283 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් පුද්ගලයින් වන අතර 9 දෙනෙකු ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් බවයි.

මේ සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2450 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ පස්වරුවේ මහනුවර පැවති උත්සවයකින් අනතුරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, රෝගය පිටත පැතිරීමේ අවදානම ඉතා අඩු බවයි.