ගැටුමට මහේෂ් සහ කැටිපේ එනවාට : ITN පොහොට්ටුන් බය වෙයි : වැඩසටහන උඩුයටිකුරු කරයි !

ගැටුමට මහේෂ් සහ කැටිපේ එනවාට : ITN පොහොට්ටුන් බය වෙයි : වැඩසටහන උඩුයටිකුරු කරයි !

ස්වාධීන රූපවාහිනිය (ITN ) විකාශය කරන සජීවී දේශපාලන  සංවාදාත්මක වැඩසටහනක් සඳහා පූර්ව දැනුවත් කරතිබූ දේශපාලන නියෝජිතයන් පෞද්ගලික සහ දේශපාලන හේතු මත අවසන් මොහොතේ වෙනස් කිරීමේ අපකීර්තිමත් කටයුත්තක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.

 වාර්තා වන ආකාරයට අදාළ වැඩසටහන විකාශය කිරීමට නියමිත වන්නේ එළැඹෙන ( 15 ) වනදා ය.
 
එදින වැඩසටහනට පෙර ආරාධනා කර තිබී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක මහේෂ් සේනානායක , ජාතික ජනබලවේගය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විමල් කැටිපෙආරච්චි පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් වන මාතර නිරෝෂන් ප්‍රේමරත්න සහ කළුතර සංජීව එදිරිමාන්න ය.
 
නමුත් හදිසියේ එම තීන්දුව වෙනස් කිරීමට පාලනාධිකාරිය තීරණය කර ඇති අතර ඒ අනූව අදාළ වැඩසටහනට මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක මහේෂ් සේනානායක සහ ජාතික ජනබලවේගය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විමල් කැටිපෙආරච්චි ඉවත් කර ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සුසිල් කිඳෙල්පිටිය සහ පෙරටුගාමී පක්ෂයේ සී. සිරිමල්වත්ත යන අයය.
 
එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පළමුව සිදුකළ පක්ෂ නියෝජිතයන් නම් කිරීමේදී නිශ්පාදන සැලැස්ම වී ඇත්තේ ITN හී සේවය කළ  මෙවර මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් ලෙස මහේෂ් , විමල්, නිරෝෂන් , සංජීව යොදා ගැනීමට ය.
 
නමුත් ඒ සම්බන්ධව වැඩිදුරටත් සිදුකළ සාකච්ඡා තුළ මහේෂ් සහ විමල් හමුවේ කොතරම් සාර්ථකව පොදුජන පෙරමුණ අපේක්ෂකයන් මුහුණදෙනු ඇද්ද  යන්න ගැන සැකසහිත බව අවධාරණය වී ඇත.
 
එහිදී අදහස් විමසීමේදී පොහොට්ටු නියෝජිතයන් මැදිහත්ව පවසා ඇත්තේ මහේෂ් සේනානායක සහ විමල් කැටිපෙආරච්චි වෙත තම හිතවතුන් දෙදෙනා නිරාවරණය නොකළ යුතු බවය. එයින් පොදුජන පෙරමුණ ට හෝ තම හිතවතුන් දෙදෙනාට වාසියකට වඩා සිදුවන්නේ අවාසියක් බවත් මේ සිව්දෙනාම ITN සේවය කර ඇති බැවින් ඔවුනොවුන්ගේ හැකියාව , බුද්ධි මට්ටම් ගැන තක්සේරුවක් ඇති බවත් ඔවුන් පෙන්වා දී ඇත.
 
ඒ අනූව තීන්දු කර ඇත්තේ ITN හී සේවය කළ අපේක්ෂකයන් ලෙස වෙනුවට මාධ්‍ය වෘත්තිකයන් ලෙස කටයුතු කළ අපේක්ෂකයන් ලෙස වැඩසටහන ඉදිරිපත් කිරීමටය.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න