Language Switcher

V2025

SSC සභාපති ධූරය මහේලට !

සිංහල ක්‍රීඩා සමාජයේ (SSC)  ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පත්කර ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
 
එම ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී එම පත්කිරීම සිදුකර ඇත. ඒ අනුව ඉදිරියේදී ඔහු SSC ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් සම්බන්ධ තීරණ ගැනීමේ දී එහි ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට නියමිතය.
 
ශ්‍රී  ලංකාවෙන් බිහිවූ දක්ෂ ක්‍රිකට් නායකයෙකු මෙන්ම දක්ෂ පිතිකරුවෙකු වූ මහේල ජයවර්ධන, සිංහල ක්‍රීඩා සමාජයට 1995 සිට ක්‍රීඩා කළේය.
 
මීට පෙර ඔහු SSC ක්‍රීඩා  සමාජයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළේය.