පොළොන්නරුවේ රොෂාන් මැතිවරණ නීති කඩයි : මැතිවරණ නිලධාරීන්ගේ රාජකාරිවලටත් බාධා කරයි !

පොළොන්නරුවේ රොෂාන් මැතිවරණ නීති කඩයි : මැතිවරණ   නිලධාරීන්ගේ රාජකාරිවලටත් බාධා කරයි !

රාජ්‍ය සේවකයන් සහ රාජයේ වාහන යොදාගනිමින් මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝණය කරමින් රාජපක්ෂ පිලේ අපේක්ෂකයෙකු වන හිටපු රාජ්‍ය අමාත්‍ය  රොෂාන්  රණසිංහ  මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරමින් සිටින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් තමන් වෙත ලැබී ඇති පැමිණිල්ලක් අනුව එම පැමිණිල්ල විමර්ශනය කිරීමට ගිය මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට හිටපු රාජ්‍ය අමාත්‍ය  රෝෂාණ් රණසිංහ  පරුෂ වචනයෙන් බැනවදිමින් තර්ජනය කර ඇති බවත් දැනගන්නට ඇත.

මැතිවරණ කොමිසමේ නිලධාරීණ් මෙම අවාසනාවන්ත තත්වයට මුහුණදී ඇත්තේ, පොළොන්නරුව නව නගරයේ හෝටලයක මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රාජ්‍ය නිලධාරීන් සහ රාජයේ වාහන යොදාගනිමින් දේශපාලන ප්‍රචාරක කටයුතු සිදු කරන බවට ලැබුණු පැමිණිල්ලක් මත  විමර්ශනය සඳහා එහි ගිය අවස්ථාවේ ය. 

තමන් මුහුණ දුන් තත්වය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නිලධාරීන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්ද ගොනු කර ඇති අතර මෙම මැතිවරණ ප්‍රචාරක රැස්වීම සඳහා රජයේ නිලධාරීන් සහ රජයේ වාහන යොදාගෙන තිබූ බවට නිරීක්ෂණය වූ බවද ඔවුන් එම පැමිණිල්ලෙන් මැතිවරණ කොමිසම දැන්වත් කර තිබෙන බවත් වාර්තා වෙයි.

මහවැලි අධිකාරියේ රථවාහන සහ එම නිලධාරීන් එහි සිටි බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න