කොළඹ පොහොට්ටු මනාප ප්‍රතිඵලය වේලාසනින් : සරත්ගේ රණවිරු ගායට විමලේ යටවෙයි ?

කොළඹ පොහොට්ටු මනාප ප්‍රතිඵලය වේලාසනින් : සරත්ගේ රණවිරු ගායට විමලේ යටවෙයි ?
අගෝස්තු 05 පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දේශපාලනය උඩු යටිකුරු වන මනාප ප්‍රතිඵලයක් සම්බන්ධව  සමීක්ෂණ වාර්තාවක් විසින් කරුණු අනාවරණය කර ඇත. 
 
මෙම වාර්තාව ශ්‍රී ලංකා පර්යේෂණ හා දේශපාලන විශ්ලේෂණ ආයතනය සිදුකළ සමීක්ෂණයක් හරහා  නිකුත්කර ඇති අතර ඊට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ  පොදුජන පෙරමුණේ මනාප ලයිස්තුවේ පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ  රියර් අද්මිරාල් සරත් වීරසේකරය.
 
මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන්  කොළඹ මනාප ලැයිස්තුවේ පළමු තැන ගනු ඇතැයි අපේක්ෂා කළ ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ දෙවන තැනට ඇද දමමින්ය.
 
පොළොන්නරුවෙන් එක සිරිසේන !
 
අදාළ  සමීක්ෂණ වාර්තාවේ වන තවත් අනාවරණයක් වන්නේ පොදුජන පෙරමුණේ ප්‍රබලයන් රැසකගේ දැඩි විවේචනය මධ්‍යයේ වුවත් පොළොන්නරුව දිස්ත්‍රික් මනාප ලයිස්තුවේ පළමු ස්ථානය හිටපු ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන වෙත ලැබී තිබීමය.
 
පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායක රොෂාන් රණසිංහ වෙත හිමිවන්නේ දෙවන ස්ථානය යි.
 
එමෙන්ම සිදුකරන ලද සමීක්ෂණය ආශ්‍රිතව 2020 මහ මැතිවරණයේ දී ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක  ප්‍රධාන දේශාපාලන පක්ෂ ලබා ගන්නා ප්‍රතිඵල සම්බන්ධයෙන් පුරෝකථනයක් ද  එම වාර්තාව නිකුත්කර  කර තිබේ. 
 
ඊට අනූව කොළඹ දිස්ත්‍ර්‍රික්කය මන්ත්‍රී ආසන 19න් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ආසන 11ක් ලබා ගන්නා අතර සමගි ජන බලවේගයට ආසන 05ක් ද,එක්සත් ජාතික පක්ෂයට ආසන 02ක් ද,ජාතික ජන බලවේගයට ආසන 01 ක් වශයෙන් හිමි වේ.
 
කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ආසන 15න් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී ආසන 10ක් ලබා ගන්න අතර සමගි ජන බලවේගය මන්ත්‍රී ආසන 04ක් ද එක්සත් ජාතික පක්ෂය එක් මන්ත්‍රී ආසනයක් හිමි කරගනු ඇත.
 
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප සටහනෙන් පළමු ස්ථානය මෙවර හිමි කර ගන්නේ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  බවත් දෙවන ස්ථානය හිටපු අමාත්‍ය  ජොන්ස්ටන් ප්‍රනාන්දුටත් හිමි වනු ඇති බව වැඩිදුරටත් එම වාර්තාවේ සදහන් වේ.
 
ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 18න් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී ආසන 11ක් ලබා ගන්නා අතර සමගි ජන බලවේගය ආසන 04ක් ද එක්සත් ජාතික පක්ෂය ආසන 02ක් ද ජාතික ජන බලවේගය ආසන 01 ක් ද හිමි කරගනු ඇත.
 
පොලොන්නරු දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 05න් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී ආසන 04ක් දිනාගන්නා අතර සමගි ජන බලවේගය එක් ආසනයක් දිනා ගනු ඇත.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න