20 සංශෝධනය ගැසට් කරයි : කරුණු 3ක් හැර 19 සියල්ල අහෝසියි !

20 සංශෝධනය ගැසට් කරයි : කරුණු 3ක් හැර 19 සියල්ල අහෝසියි !

20වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය අද (03) නිකුත් කෙකෙරුණු අතර ඒ තුළ  19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ වූ තොරතුරු දැන ගැනීමේ අයිතිය, ජනාධිපතිවරයාට දෙවරකට වඩා ජනාධිපතිවරණයකට තරඟ කළ නොහැකි වීම සහ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 05කට සීමා කිරීම යන කරුණු හැර අනෙක් සියල්ල අහෝසි කර ඇත.

ඒ අනුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි වන අතර ඔවුන්ට ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් පත්කිරීමට ඇති අයිතිය ද අහෝසි වේ.

අගවිනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපතිවරයා හා එහි විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති, විගණකාධිපති, ඔම්බුඩ්ස්මන් ඇතුළු රජයේ ඉහළ නිලතලවලට පුද්ගලයින් පත්කිරීම මින් ඉදිරියට ජනාධිපතිවරයා යටතට පැවරේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට වසර 4 1/2 යනතුරු නොහැකිය යන වගන්තිය ඉවත් වී පාර්ලිමේන්තුව වසරක් ගතවූ පසු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට යළි අවස්ථාව හිමිවේ.

අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ දී ජනාධිපතිවරයා අගමැතිගේ උපදෙස් මත සිදුකළ යුතු යන වගන්තිය ද අහෝසි වේ.අමාත්‍ය මණ්ඩලය 30කට සහ කැබිනට් නොවන අමාත්‍යවරුන් 40 සීමාව ඉක්මවා නොයා යුතුයි යන වගන්තිය ද ඉවත් වේ.ද්විත්ව පුරවැසියන්ට ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ නොහැක යන වගන්තිය ද මේ යටතේ අහෝසි වන තවත් වැදගත් කරුණකි.

ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඉවත් කිරීමටත්, ඔවුන් සතු විෂයන් සහ අමාත්‍යාංශ තමා යටතේ තබා ගැනීමටත්, 20 වන සංශෝධන පනත් කෙටුම්පතෙන් යෝජනා වී තිබේ.ජනාධිපතිවරයාට යම් විෂයන් හෝ කාර්යයන් තමා යටතේ තබා ගැනීමට ද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙන් යළි අවස්ථාව ලබාදී තිබේ.

ජනාධිපතිවරයාට මැතිවරණ කොමිසමේ සාමාජිකයින් තිදෙනා පත් කිරීමටත්, ඉන් එක් අයෙකු සභාපතිවරයා ලෙස පත්කිරීමටත් වගකීම පැවරී තිබේ.නීතිපතිවරයා, පොලිස්පතිවරයා, විගණාකාධිපතිවරයා ඉවත් කිරීමට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට ප්‍රතිපාදන නොතිබුණ ද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පතින් එම අවස්ථාව ලබාදී තිබේ.

අදාළ ගැසට් පත්‍රය පහත දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න