කොමිසමෙන් ගැලවෙන්න ගියාට : ලලිත්ට ගැලවීමක් නෑ : වැඩ තහනම දිගටම !

කොමිසමෙන් ගැලවෙන්න ගියාට : ලලිත්ට ගැලවීමක් නෑ : වැඩ තහනම දිගටම !

වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ  නැවතත් සේවයේ නොපිහිටුවීමට තීරණය කර ඇති බව ජාතික පොලිස් කොමිසම නිවේදනයක් කරමින් සඳහන් කරයි.

දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ ලලිත් ජයසිංහ  තමාව නැවතත් සේවයේ පිහිටවන ලෙස ජනාධිපති කොමිසමෙන් ඉල්ලා තිබිණි.

ඒ අනුව ඉකුත් දිනක දී වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ඊට අදාලව එම ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක්ද ලබා දී තිබිණි.

කෙසේ වෙතත් පොලිස් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ නැවතත් සේවයේ නොපිහිටුවීමට තීරණය කර ඇති බව ය.හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ , යාපනය විද්‍යා දැරිය සමූහ දුෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට පැනයාම සඳහා ආධාර අනුබල ලබා දීම මත2017 ජුලි මස 15 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර එලෙස සැකකරුවන්ට පලායාමට ආධාර අනුබල ලබා දීම මත පොලිස් කොමිසම විසින් ඔහුව වැඩ තහනමකට ලක් කරන ලදී.

මේ අතර කහවත්තේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස බී වාර්තාවේ චොකා මල්ලී හෙවත් ප්‍රේමලාල් ජයසේකර එවකට නියෝජ්‍ය ඇමැතිවරයාගේ නම නොතිබිය යුතු බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ  දුරකතයෙන් අමතා නියෝග කළ බවටද චෝදනා එල්ලවී තිබිණි.

ඒ බව කහවත්ත පොලිස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්‍ෂක ලලිත් පුෂ්පකුමාර රාජමන්ත‍්‍රී  රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන  හමුවේ එකල ප්‍රකාශ කර තිබිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න