තෙල් නැවේ කපිතාන් නිරෝධායනයට !

තෙල් නැවේ කපිතාන් නිරෝධායනයට !

ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවක සිටි “MT New Diamond“  නෞකාවේ කපිතාන්වරයා අද (11) අලුයම ගොඩබිම වෙත රැගෙන විත් තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කණ්ඩායමක් විසින් ඔහු රැගෙන ආ අතර පසුව නිරෝධායනයට  ගාල්ල ප්‍රදේශයේ ආරක්ෂිත නිවස්නයක් වෙත යොමු කෙරුණි.

ඒ අනුව නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 23 දෙනා අතරින් මියගිය පුද්ගලයා හැර සෙසු සියලුදෙනා මේවන විට ගොඩබිමට රැගෙනවිත් තිබේ.“MT New Diamond“නෞකාවේ ගින්න සම්පුර්ණයෙන්ම නිවා දමා ඇති පසුබිමක මේවන විට නෞකාව මඩකලපුවේ සිට නාවික සැතපුම් 45 ක් වන්නට ගැඹුරු මුහුදේ රඳවා තිබේ.

නෞකාවේ ගැලවුම්කාර සමාගම වන ස්මිත් සමාගමේ විශේෂඥයින් කණ්ඩායමක් අද තෙවැනි දිනටත් නැවට ගොඩ වී තක්සේරු කටයුතු සිදුකරමින් සිටියි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා  සඳහන් කළේ, අද දිනයේ දී නාවික හමුදාවේ විශේෂ කිමිඳුම් කණ්ඩායමක් මුහුදේ දක්නට ඇති ඉන්ධන පැල්ලම නැවේ කුමන කොටසින් පැමිණෙන්නේදැයි විමර්ශනයක් කරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න