එජාප නියෝජ්‍ය නායක ජන්දය : රුවන් දිනයි - රවී පරාදයි !

එජාප නියෝජ්‍ය නායක ජන්දය : රුවන් දිනයි - රවී පරාදයි !

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා තෝරා ගැනීම සඳහා අද පස්වරුවේ පැවති නිලවරණයේ දී ඒ සඳහා ඉදිරිපත්වූ හිටපු අමාත්‍ය , එජාප උප නායක  රවී කරුණානායක පරදා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන ජයගෙන ඇත. 

නිල ආරංචි මාර්ග අනුව එහිදී  කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් 28 දෙනෙකු රුවන් විජේවර්ධනයට සහය පළකරද්දී රවී කරුණානායකට සහය පළකර ඇත්තේ දස දෙනෙකු පමණි.

නියෝජය නායකයා ලෙස තරඟ කිරීමේ සුදානමකින් හිටපු අමාත්‍ය  වජිර අබේවර්ධන ද  සූදානමක සිට ඇති නමුත් පරාජය නියත  බැවින්  අවසන් මොහොතේදී තරඟයෙන් ඉවත්ව ඇති බවත් වාර්තා වෙයි . එසේම එහිදී  එජාප නායකයා සමග එකඟත්වයක් ඇති කර ගැනීමට ඔහු කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි.

මේ අනූව පක්ෂයේ අභිනව නියෝජ්‍ය නායක ලෙස එජාපයෙ සියලුම වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන, කාන්තා සංවිධාන, විද්වත් සංවිධාන ඇතුළු සියලු සංවිධානද කඩිනමින් ගොඩගැනීම නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනට අද සිට පැවැරෙන මුලික වගකීම වෙයි.

ඒ වෙනුවෙන් දිවා රාත්‍රී නොබලා රටවටා යමින් කටයුතු කිරීමට සැලසුම් කර ඇති තමා කිසිඳු විටෙක පුරප්පාඩු වී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අපේක්ෂා නොකරන බව ඔහු කියා සිටියේය. 

ලබන ජනවාරි මාසයේ තමා පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර බවත්, අලුතින් පත්වන නියෝජ්‍ය නායකයා පක්ෂ නායකත්වයට පත්කරන බවටත් රනිල් වික්‍රමසිංහ මේවනවිට සහතික වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න