බුරවී සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර 100ක් එපිටින් මේ වනවිට සක්‍රීයව පවතින බවත් ඒ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක දැඩි සුළං හා වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (02) දිනයේත් රතු නිවේදනයක් නිකුත්කරමින් කාලගුණ දෙපාර්තමේන්තුව මේ කරුණු සඳහන් කරන අතර සුළි කුණාටුව පැ.කි.මි.75 - 85 ත් අතර වේගයෙන් ගමන් කරන අතර එය විටින් විට 95 දක්වා වර්ධනය වන බවත් දෙපාර්තමේන්තු නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
නැගෙනහිර, උතුර, උතුරු මැද, සබරගමුව හා වයඹ පළාත්වලට දැඩි වර්ශාපතනයක් හා සුළං තත්වයන් ඇති විය හැකි අතර බස්නාහිර ප්‍රාදේශ කිහිපයකට දැඩි සුළඟින් බලපෑම් ඇතිවිය හැකි බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිකුත්කළ සම්පූර්ණ රතු නිවේදනය පහත දැක්වෙයි.




මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ද අඅයහපත් කාලගුණ තත්ත්වය හමුවේ හානි අවම කරගැනීම සම්බන්ධව නිවේදනයක් නිකුත්කර ඇති අතර එයත් පහත දැක්වෙයි.


