මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ වෙත බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධූරය ද ලබා දී ඇත.
ඒ අනුව ඔහු අද (02) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ඊට අදාළ දිවුරුම්දීම සිදුකර ඇත.
මීට පෙර මෙම අමාත්‍ය ධුරය දරන ලද්දේ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ විසිනි.
එසේම කොරෝනා රෝගයටම අදාළ සියලු විෂයයන් එක්කොට එහි නව රාජ්‍ය අමාත්‍යවරිය වශයෙන් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (30) කටයුතු කළ අතර ඊට අදාළ සියලු විෂයයන් පවිත්‍රා වන්නිආරච්චි ගෙන් ඉවත් කොට ඇත.
තවද පළමු අදියරේදී ඖෂධ ඇතුළු ඊට අදාළ සියලු ආයතන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යටත්ට පත්කිරීමට පියවර ගෙන තිබීම හේතුවෙන් සැලකිය යුතු ආයතන ගණනාවක්ම පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරියගෙන් ගෙන් ඉවත් වී තිබිණ.
මේ ආකාරයට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට අයත් විෂය පථයෙන් අතිවිශාල ප්‍රමාණයක් ඉවත් කිරීම හේතුවෙන් මේ වනවිට ඇයගේ කාර්යභාරය කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම ඇතුළු කාර්යයන් කිහිපයකට පමණක් සීමා වී ඇත.

