ෆයිසර් - බයෝ එන් ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ කොවිඩ් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව එම එන්නත අනුමත කළ ලොව ප්‍රථම රට වන්නේ බ්‍රිතාන්‍යය පත්වෙයි.
වාර්තා වන ආකාරයට බ්‍රිතාන්‍ය ඖෂධ නියාමන ආයතනය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම එන්නත ජනතාවට ලබාදීමට ආරක්‍ෂිත බවය.
මේ වනවිට එරට ජනගහනයෙන් මිලියන 20කට අවශ්‍යවන එන්නත් මාත්‍රා ඇණවුම් කර ඇති බවත් වාර්තා වන අතර ඒ අනුව, ඉහළ අවදානම් සහිත ජන කොටස් සඳහා එම එන්නත ඉදිරි දින කිහිපය තුළදී ලබාදීමට හැකියාව ඇත.

