කොවිඩ් පරීක්ෂණ ක්ෂණිකව දැනගන්න “ සුපරික්ෂා” එයි

කොවිඩ් පරීක්ෂණ ක්ෂණිකව දැනගන්න “ සුපරික්ෂා” එයි

කොවිඩ්-19 පරීක්ෂණ පිළිබද තොරතුරු කඩිනමින් නිවැරදිව රැස් කිරීමටත්, සාම්පල වාර්තා ක්ෂණිකව සාම්පල ලබාදුන් පිරිසට සහ වගකිවයුතු සෞඛ්‍ය නිලධාරීන් වෙත ලබා දී ක්ෂණික ප්‍රතිචාර දැක්වීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැය 24 පුරාම ක්‍රියාත්මක “සුපරික්ෂා” නමින් නව ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් හදුන්වා දී ඇත.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් “සුපරික්ෂා” මෘදුකාංගය දියත් කරන ලද අතර, ඊයේ සිට මෙම නවීන මෘදුකාංගය තුළින් පරීක්ෂණ තොරතුරු කඩිනමින් රැස් කිරීමටත්, පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකිවනු ඇත.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අධ්‍යාපන පුහුණු සහ පර්යේෂණ) වෛද්‍ය සමන් රත්නායක පෙන්වා දෙන පරිදි මෙතෙක් කල් සිදු කරන ලද්දේ, කොවිඩ් පරීක්ෂණයට (PCR) ලක් කරන පුද්ගලයින්ගේ තොරතුරු එම ස්ථානයේ දී කඩදාසි පත්‍රිකාවල ලේඛණගත කර රසායනාගාරය වෙත යොමු කිරීමයි. රසායනාගාරයේ දී එම ලේඛණ අනුව අදාල සාම්පල අයිතිකරුවන් හදුනා ගෙන සාම්පල වාර්තා නැවත ලේඛණගත කොට ෆැක්ස් හා විද්‍යුත් තෑපෑල ඔස්සේ අදාල ආයතනවලට වාර්තා යොමු කෙරිණි. මෙම ක්‍රියාවලියේදී නියමිත පරිදි නම් සටහන් නොවීම, නම්වල අඩුපාඩු පැවැතීම වැනි ගැටළු හේතුවෙන් එම කාර්යයන් සදහා විශාල කාලයක් ගතවූ අතර සාම්පල ලබාදුන් පිරිසට තමන් කොවිඩ් ආසාදිතයෙක් ද, නැති ද යන්න දැන ගැනීමට විශාල වේලාවක් ගත විය. එයට විසදුමක් ලෙස මෙම නව “සුපරික්ෂා” මෘදුකාංගය හදුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

මෙම ක්‍රමවේදය මගින් සාම්පල ලබාගැනීමේදී අදාල පුද්ගලයාගේ තොරතුරු මෙම මෘදුකාංගයට ඇතුළත් කරනු ලබයි. ඒ අනුව රසායනාගාරය වෙත ක්ෂණිකව එම තොරතුරු ලබාගත හැක. රසායනාගාරයේ දී සිදු කළ යුතුව ඇත්තේ සාම්පල අනුව ආසාදිත හා ආසාදිත නොවන ලෙස කාණ්ඩ වෙන් කිරීම පමණි. ආසාදිතයින් වේ නම් ඒ පිළිබද ක්ෂණිකව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දන්වනු ලබන අතර, තමා කොවිඩ් ආසාදිතයෙකු නොවන බව සාම්පල ලබාදුන් පුද්ගලයාට ද කෙටි පණිවිඩයක් මගින් ඔහුගේ දුරකථනයට ලබාදෙනු ලබයි. ඒ අනුව ඉතාම ක්ෂණිකව තොරතුරු රැස් කිරීම මෙන්ම සාම්පල වාර්තාව ක්ෂණිකව දැනුම්දීමටත්, ඊට අදාලව පියවර ගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කිරීමටත් මෙමගින් හැකි වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (පර්යේෂණ හා පුහුණු) වෛද්‍ය සමන් රත්නායක මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි විය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න