කොවිඩ් මෘතදේහ භූමිදානයට හැකිදැයි සොයා බැලෙයි

කොවිඩ් මෘතදේහ භූමිදානයට හැකිදැයි සොයා බැලෙයි

කොරෝනා වෛරසය වැළඳී මියයන ආසාදිතයිනගේ සිරුරු භූමදානය කළ හැකිදැයි සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) සාකච්ඦාවක් පවත්වා තිබේ.

අග්‍රාමාත්‍යවරයා සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර මෙම විශේෂ සාකච්ඡඡාව පවත්වා ඇත්තේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ය.

සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත එම දේහයන් භූමදානය සඳහා භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියළි භූමියක් තෝරා ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් දී තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයෙකුගේ දේහය තුළ වෛරසය දින 36ක් පමණ පවතින බව සොයා ගෙන ඇති බව සෞඛ්‍ය බලධාරීන් එහිදී පවසා ඇත.

සෞඛ්‍යට බලපාන කරුණු අරඹයා ජාති හා ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇති අතර සෞඛ්‍ය මාර්ගෝපදෙශ පිළිපැදීමට සියලු ජන කොටස්වල සහය අවශ්‍ය බව ද පෙන්වා දී තිබේ.

මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයයේ නිලධාරීන් පිරිසක් එක්ව සිට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න