පාඨලී චම්පික රණවක මහතා ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ධුරයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද (12) පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුවේදී ය මෙසේ ඉවත් වී ඇත.
නව සමාජ බලවේගයක් ගොඩනැගීමේ වෙනුවෙන් එලෙස එම පක්ෂයෙන් ඉවත් වන බව පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ ය.
ඊට අමතරව ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභා සාමාජිකයින් ද සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇත.
ඒ අනුව ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුලුවේදී මේ දක්වා සිටි පක්ෂයේ මධ්‍යම කාරක සභාව සිය තනතුරුවලින් ඉල්ලා අස්වුණු අතර ඒ වෙනුවෙන් නව නිලධාරී මණ්ඩලයක් නියෝජිත සමුළුවට පැමිණි පක්ෂ සමාජික සාමාජිකාවන්ගේ අනුමැතියට යටත්ව පත්කර ගැණින.
මේ දක්වා එම ධුරවල කටයුතු කළ පාඨලී චම්පික රණවක, කරුණාරත්න පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය, නිරෝෂා අතුකෝරල මෙන්ම මධ්‍යම කාරක සභාව නියෝජනය කළ තුෂාර ස්වර්ණතිලක, ධනුෂ්ක රාමනායක, බෝසෙත් කළහේපතිරණ, තීක්ෂණ ගම්මන්පිල, තරිඳු දිලීප ගමගේ, සුරංග කාරියවසම්, සුනිමල් ජනරංජන, කිංස්ලි පෙරේරා, ගාමිණී ශාන්ත, ගාමිණී ලියනගේ, තුසිත හේවගේ සහ පලාත් පාලන මන්ත්‍රීවරු සිය තනතුරු වලින් ඉල්ලා අස්විය.
ඒ අනුව පක්ෂයේ නව සභාපති වශයෙන් පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් ද, පක්ෂයේ නව මහ ලේකම් වශයෙන් බන්දුල චන්ද්‍රසේකර මහතා ද, උප සභාපති වශයෙන් දයා පෙරේරා මහතා ද, නියෝජ්‍ය ලේකම් වශයෙන් නීතිඥ ටියුඩර් පෙරේරා මහතා ද, භාණ්ඩාගාරික වශයෙන් අනිල් ජයවර්ධන මහතා ද, ජාතික සංවිධායක වශයෙන් මහේන්ද්‍ර ජයසිංහ මහතා ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත නව මධ්‍යම කාරක සභාව තෝරා පත්කර ගැණින.

