ධර්මය විකෘති කළ බණක් සංවිධානය කළැයි නාමල්ට සංඝ සභාවෙන් නඩුවක්

ධර්මය විකෘති කළ බණක් සංවිධානය කළැයි නාමල්ට සංඝ සභාවෙන් නඩුවක්

චිත්තගල්ලේ ආන්නදසිරි හිමියන් සම්බන්ධ කරගනිමින් තංගල්ල කාල්ටන් නිවසේ පැවති ධර්ම දේශනයකදී බුදුන්වහන්සේට, බුද්ධ ධර්මයට සහ මහා සංඝරත්නයට අපහාස කළැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු ජාතික විද්වත් සංඝ සභාව විසින් තංගල්ල මහාධිකරණයේ නඩුවක් පැවරූ බව අද (14) දින මාධ්‍ය හමුවකදී සඳහන් කරන ලදී.

එම ධර්ම දේශනය සිදු කළ ආනන්දසිරි හිමියන් මෙන්ම ධර්ම දේශනාව සංවිධානය කළ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ එයට සහභාගී වූ රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානකද මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

ජාතික විද්වත් සංඝ සභාව විසින් සංවිධානය කරන ලැබු මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික විද්වත් සභාවේ සභාපති රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි, ජාතික සංඝ සම්මේලනයේ සභාපති ශාස්ත්‍රපති පුජ්‍ය රජවත්තේ වප්ප හිමි, ශාස්ත්‍රපති පුජ්‍ය රන්පත්විල විමලරත්න හිමි,. ශාස්ත්‍රපති පුජ්‍ය වාද්දුවේ ධම්මවංස හිමි සහභාගි වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න