අහිංසාවාදී සුදු සළු විරෝධය මඩින්නට කොළඹ ඔත්තු සේවා යොදවයි !

අහිංසාවාදී සුදු සළු විරෝධය මඩින්නට කොළඹ ඔත්තු සේවා යොදවයි !
කොරෝනාබාධිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ බලහත්කාරයෙන්  පුළුස්සා දැමීමට විරෝධය පළ කරමින් බොරැල්ල කනත්තේ ආදාහනාගාරයේ ගේට්ටුව මත ජනතාව ගැට ගැසු  සුදු සළු ලිහා දමමින් ඔත්තු සේවා නිලධාරීන් කටයුතු කර තිබෙන බවට සිවිල් සමාජ ක්‍රියාකාරීහු චෝදනා කරති.
 
වෛරසය ආසාදිතව මිය ගිය බවට පැවසෙන  දින විස්සක් වයසැති  ෂෙයික් නම් බිළිඳකුගේ  සිරුර රාජ්‍ය අනුග්‍රහයෙන් පුළුස්සා දැමීමෙන් ශෝකයට පත් ජනයා එයට  සිය විරෝධය පළ කිරීම සදහා බොරැල්ල කනත්තේ ආදාහනාගාරයේ ගේට්ටුව මත සුලු ලේන්සු හා නැපි  ගැට ගැසීම ආරම්භ කර තිබුනි.
 
කොවිඩ් 19  ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමිදානය කිරීමට ආණ්ඩුව  ඉඩ නොදීමට එරෙහිව   දෙසැම්බර් 13 ඉරිදා හවස  බොරැල්ල කනත්ත ඉදිරිපිට නිහඬ විරෝධතාවක්  ද සංවිධානය කර තිබුනේ එම විරෝධය තවත් ඉදිරියට ගෙනයමිනි.
 
ඊයේ  රාත්‍රියේ එම ස්ථානයට ගිය පිරිස්  සිවිල් සමාජ ක්‍රියාධරයන්  හා පවසා ඇත්තේ ඒ වන විටත්  ලේන්සු ඉවත් කර තිබුණු බවයි.
 
එම ස්ථානයට පැමිණෙන පිරිස්  හමුදා සහ බුද්ධි අංශවල  ප්‍රශ්න කිරීමට ලක් වන බව විමුක්ති ව්‍යාපාරය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
 
බලහත්කාරයෙන්  ආදාහනය කරන ලද  තම  අදාරණීයයන් නිසාවෙන් දුකට පත්ව සිටින මුස්ලිම් සහෝදරය සහෝදරියන්ගේ දුක බෙදා ගැනීම සදහා සාමාන්‍ය ජනතාව විසින් මෙලෙස සුදු ලේන්සු ගැට ගැසීම ආරම්භ කළ බව පෙන්වා දෙන විමුක්ති ව්‍යාපාරය අවධාරණය කරන්නේ  ඒ සදහා  කොළඹ මහ නගර සභාවේ හා කනත්තේ  බලධාරීන්ගේ ද  අවසරය ලැබී තිබුන බවයි.
 
එම ව්‍යාපාරය තව දුරටත් ප්‍රශ්න කරන්නේ සහෝදරත්වය සදහා වූ සාමකාමී ක්‍රියාවක් මෙලෙස රජය විසින් මර්දනය කරන්නේ කුමන හේතුවක් මතද යන්නයි.
 
"රට පුරා සාමාන්‍ය ජනතාව තවදුරටත් මුස්ලිම් ජනතාව සමග සහෝදරත්වය දක්වන අතර බලහත්කාරයෙන් කරනා ආදාහනය කිරීම් නවතන ලෙසට ඉල්ලා සිටිති. තවමත් අදාහනාගාරයේ සුදු ලේන්සුවක් බැද ඔබටත් සහෝදරත්වයේ දෑත් දිගු කල හැකියි. එය කිසිදු ආකරයකින් නීතිය කඩ කිරීමක් නොවෙයි. එසේත් නැතිනම් ඔබගේ නිවසේ දොරෙහි නැතිනම් ගේට්ටුවෙහි සුදු ලේන්සුවක් බැද සමාජ මාධ්‍ය හරහා අප සමග බෙදා ගන්න. ඔබ දන්නා අනෙක් අයගෙන් ද එලෙස කරනා ලෙසට ඉල්ලා සිටින්න."
 
ඔබ ආදාහනාගාරයට යන්නේ නම් සෞඛ්‍ය උපදෙස් පරිදි මුහුණ ආවරණය කර, විශබීජ නාශකයක් රැගෙන එන ලෙසත්  සමාජ දුරස්ථබව පවත්වාගෙන කටයුතු කරන ලෙසත්  විමුක්ති ව්‍යාපාරය තවදුරටත් ඉල්ලා සිටී.
 
"බලහත්කාරයෙන් ආදාහනය කිරීමට එරෙහිව මුස්ලිම් ප්‍රජාව හා අපි තවදුරටත් සහෝදරත්වයෙන් අත් වැල් බැද ගනිමු."
 
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත සෞඛ්‍ය උපදෙස් වලට අනුව කෝවිඩ් ආසාදිත මෘත දේහ ආදාහනයට කිසිදු බාධාවක් නොමැති බව පවසන එම ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටින්නේ බලහත්කාරයෙන් මෘත දේහ ආදාහනය කිරීම දැන්වත්  නවතා දමන ලෙසයි.

IMG 20201212 183332

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න